අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ අය-වැය කියන්නේ අපේ ඉදිරි දැක්මයි

    ඔක්තෝබර් 27, 2014

    මේ අය-වැය කියන්නේ අපේ ඉදිරි දැක්ම බවත් මෙවර අය-වැයත් සමඟින් විපක්ෂය තක්කු මුක්කු වී ඇති බවත් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    ඒ මහතා එසේ පැවසුවේ මෙවර අය-වැය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමිනි, මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය කතානායකවරයා, මේ අය-වැය තුළින් රට සංවර්ධනයේ ඉල්ලකවලට වේගයෙන් ළඟාවෙන බවට ඉඟිකර තිබෙනවා. අප 2010දී කිව්වා තවදුරටත් අපේ රට තැනින් තැන බෝම්බ පිපිරෙන රටක් නොවන බව. එසේම අපිට දැන් කියන්න පුළුවන් 2015 වන විට ලෝකයේ තවදුරටත් අපේ රට දුප්පත් රටක් නොවන බවත් අපි දැන් මධ්‍යකාලීන අදායම් ලබන රටක් බවට පත්වී ඇති බවත් යැයි ඔහු කීය.

    විපක්ෂය අද අල්ලස් දුන්නා කියනවා. තෑගි දුන්නා කියනවා. ගුණ්ඩු දුන්නා කියනවා. මේ කියන දේවලින්ම ඔප්පු වෙනවා මේ අයවැය තුළින් මේ රටේ ජනතාව බොහෝ දේ ලැබී ඇති බව. මේ රටේ විපක්ෂය මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවට බයයි. ජනතාව හොඳින් ජීවත් වෙනවට ඔවුන් කැමති නෑ. එසේ වූ විට ඔවුන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වනු ඇත. නමුත් අද රටේ ජනතාව මේ දේවල් තේරුම් ගෙන තිබෙනවා. මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාවක්, ඔවුන් දන්නවා රජයකට ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි සුබසාධන කටයුතු, වේතන සහ අනිකුත් දේ කොපමණ ප්‍රමාණයක් ද? කියලා. රට තුළ ඇති වත්කම්වලට හානියක් නොකර ජනතාව පුළුල් අන්දමින් සහන දීපු අයවැය 2015 වර්ෂය සඳහා ජනාධිපතිවරයා ලබා දීම පිළිබඳ ව සමස්ත ජනතාව ම අද ජනාධිපතිවරයාට ස්තූති කරනවා යැයි වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය.

    සහන දුන්නාම සහන වැඩියි කියනවා. අනිත් දවසට පාරට බැහැලා අරක ඉල්ලනවා මේක ඉල්ලනවා. දුන්නාම අහනවා ඕවා දෙන්නේ කොහොම ද? මේ අල්ලස් නේද? අද මේ රටේ විපක්ෂයේ අයට වොයිස් කට් දේශපාලනයක් පමණයි ඉතුරුවෙලා තියෙන්නේ.
    ජනතාව නැති වුණත් මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා බෙරිහන් දෙනවා. අහන් ඉන්න අය නෑ. මේ අයවැය ගැන පැහැදුණු, රටේ ඉදිරි දැක්ම ගැන පැහැදුණු බොහෝ දෙනෙක් ඉදිරියේදීත් අපත් සමඟ එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි ද ඒ මහතා පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya