අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2005 ඇති කළ නව සමාජ, ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන අය-වැයක්

    ඔක්තෝබර් 28, 2014

    අවුරුදු 27කට පසු සන්ධාන රජය 2005 ඇති කළ නව සමාජ, ආර්ථික ක්‍රියාවලිය 2015 අය-වැය මඟින් ඉදිරියට ගෙන ගොස් ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    ආර්ථික වර්ධනය කේන්ද්‍රීය වූ යටිතල පහසුකම් සංවර්ධනය වූ සමාජය කේන්ද්‍ර කර ගත් අය-වැයක් මෙය. එජාපයෙන් ජූලි වර්ජකයන්ගේ විනාශ කළ ජීවිත නැවත ගොඩනගන්න ඔවුන්ගේ වැන්දඹුවන්ටත් සහන දෙන්න මෙවර කටයුතු කර තිබේ. මානව සම්පත් ප්‍රවර්ධනය මේ අය-වැයේ ප්‍රධාන අරමුණයි. ආර්ථික ප්‍රවර්ධනය කරන විට ජනතා සුබසාධනය කළ නොහැකි බව එජාපය කිව්වා. නමුත් ජනතාවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මේ අය-වැයෙන් පෙන්වා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    බොල්, ජනප්‍රියත්වය පාදක කර ගත් අය-වැයක් නො වේ. ආර්ථිකය සමඟ සම්බන්ධ කළ අය-වැයක් මෙය. එජාපය ඇතුළු විපක්ෂයට මේ ගැන ඇත්තේ මූලික ප්‍රතිවිරෝධයක්. අපි මූල්‍ය උත්තේජනය දෙන්නේ ජනතාවටයි. ජනතාව වඩාත් සක්‍රීය ව මේ ආර්ථික ඉල්ලුමට
    එක්වීමට හැකි බව අපේ බලාපොරොත්තුවයි. වෙළෙඳපොළේ ඇති තත්ත්වය තුළ
    දුබලයන්ට ඇති පාඩුව අවම කරන්න රජය මේ අය-වැයෙන් මැදිහත් වී තිබෙනවා. නිෂ්පාදන මිල මට්ටම, අලෙවි ක්‍රියාකාරකම්, යෙදවුම් ආදී සියල්ල සඳහා රජය මේ අය-වැයෙන් මැදිහත් වී ඇත. වී සහ බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කර තිබේ. ලක්ෂ ගණනකට රැකියා උත්පාදනයක් සිදු වන අතර නොවිධිමත් ආර්ථිකය මේ අය-වැය නිසා පණගසන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථිකය අපේ රටේ කොඳුනාරටිය බව රජය පිළිගෙන ඇත. එය මේ රටේ ආර්ථික වර්ධන වේගයේ ලොකු ගැම්මක් ලබා දෙන බව විශ්වාසයි. මහාමාර්ග, වාරිමාර්ග ඉදිකිරීමට සැලසුම්, කෘෂිකර්මාන්තය සඳහා දායකත්වය වැඩිකිරීම මෙවර අය-වැයෙන් ඉදිරිපත් කර ඇත. මේවා නොපෙනෙන අන්ධයන් වගේ විපක්ෂය කටයුතු කරන බව පෙනේ. නමුත් මේවායේ ප්‍රතිලාභ ලබන ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියා විශ්වාස කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya