අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවාදී අය-වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා

    ඔක්තෝබර් 27, 2014

    ජනතාව වෙනුවෙන් ආරක්ෂාව, ආයෝජනය හා සුබසාධනය ඇතුළත් ජනතාවාදී අය-වැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    මේ අය-වැය නිසා විපක්ෂය කලබල වෙලා. සුබසාධනය පරමාදර්ශයක් සහිත ව ඉදිරිපත් කළ මේ අය-වැය නිසා විපක්ෂය අන්දමන්ද වී ඇති බව ද ඔහු පැවසීය. මේ රටේ ජනතාව වෙනුවෙන් එතුමාලා බලාපොරොත්තු නොවූ විශාල වැඩපිළිවෙළක් මෙහි ඇතුළත් කර තියෙනවා. ජනාධිපතිතුමා, ජනතාවට ආරක්ෂාව දෙන්න රණ විරුවන් සමඟ උපරිමයෙන් කැප වී කටයුතු කළා. එසේ ම මේ රටේ සංවර්ධන කටයුතුත් ජනපති ඉදිරියට ගෙන ගියා.

    2008 වසරේ ලොව අසීරු ම ආර්ථික අවපාතයක් ක්‍රියාත්මක වෙද්දී 90%ක් සඳහා පොහොර සහනාධාරය ලබා දුන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආයෝජනය සඳහා මහා පරිමාණ ව්‍යාපෘති නිම කර ඇති අතර ජනතා සුබසාධනයට ඇති යුගයකට අප පිවිස තිබේ. 2004 සිට 2014 අතර වෙනස පැහැදිලිව පෙනෙන බව කී අමාත්‍යවරයා ලොව ආර්ථිකය මනින සියලු දර්ශකයන් අතර කැපී පෙනන මට්ටමකට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව ද පැවසීය.

    දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7%කි. බඩු මිල වැඩිවීමේ වෙගය පාලනය කරමින් 5%ක පවතී. සේවා වියුක්තිය 4.4%ක් වන අතර අය-වැය හිඟය 5%කි. ජවිපෙ ජාතික අල්ලසක් ලෙස මේ අය-වැය හඳුන්වයි. එතුමාලා හැමදාම කිව්වේ ජනතාවට සහන දෙන්න කියලා. මෙවර අය-වැයෙන් සමස්ත ජනතාවට ම ප්‍රතිලාභ ලබා දී තියෙනවා. සමෘද්ධිලාභීන්, විශ්‍රාම වැටුප් හිමිකරුවන්, ගොවියන් අල්ලස්කාරයෝද? අසරණ ජනතාව තමන්ට ඡන්දය දෙන්නේ නැති නිසා අල්ලස්කාරයන් බවට ලඝු කරන්න ද හදන්නේ යැයි ඔහු ප්‍රශ්න කළේය.

    එජාපය, ජනතාව කටුකන අය කියනවා. එතරම් ම විපක්ෂය අසරණ කළ අය-වැය ලේඛනයක් මෙය. මහා මන්දිරයේ සිට පැල්පත දක්වා ප්‍රතිලාභ ලබා ගත හැකි නිදහස ලැබුණු දා සිට ඉදිරිපත් කළ අය-වැය ලේඛන අතර ශක්තිමත්, දූරදර්ශී අය-වැය ලේඛනයක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya