අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ කිසිම රටක් අයවැයකින් මෙතරම් සහන දී නැහැ

    ඔක්තෝබර් 25, 2014
    ලෝකයේ කිසිම රටක් මෙවැනි සහන දුන් අයවැයක් ඉදිරිපත් කර නැති බවත් විපක්ෂයට මෙය මළගමක් වගේ බවත් පොල් සංර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත (2015) පළමු වැනි වෙන් කළ දිනයේ විවාදයට එක්වෙමිනි.
     
    මගේ ඉතිහාසය තුළ මේ තරම් සහන දුන් අය වැයක් දැකලා නැහැ. විපක්ෂය මෙවර අයවැය අහගෙන හිටියේ ඇටිකෙසෙල් කාපු උගුඩුවො වගෙයි. මං හිතන්නේ ඒ අයට අදහගන්න බැරුව ගියා මේ අයවැයෙන් සහන දුන් හැටි දැක්කම. අද විපක්ෂය පරණ තැටිය වාදනය කරන්න පටන් අරන් තිබෙනවා. විශේෂයෙන් ජනතා විමුක්ති පෙ‍රමුණ. ඔවුන් බොරු බේගල් කිය කියා යනවා. ඒකට හේතුව මේ අයට ගමට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ගමේ අය අහන දේවල්වලට උත්තර දෙන්න බැරි නිසයි. මේ අයවැයෙන් තවත් එක් හොඳ දෙයක් සිදු වී තියෙනවා, ඒ පාපැදියෙන් ගිය අහිංසක තැපැල්කරුවන්ට අභිමානයෙන් යන්න පුළුවන් විදිහට මෝටර්සයිකල් ලබා දෙන්න කටයුතු කර තිබීම යැයි ද ඔහු පෙන්වා දුන්නේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya