අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාව සලසමින් ඉදිකොට ඇති ආවරණ වහලය හේතුවෙන් පිළිම වහන්සේට අකුණු අනතුරු ඇති වන බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මාධ්‍යයට කරුණු වාර්තා කොට තිබූ අතර ඒ පිළිබඳ  අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ වහා සොයා බලන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

    අහස් කුසදෙස බලන විට ළමා කාලයේ පටන් මා මනසට නැගෙන ප්‍රශ්න කිහිපයක් තිබේ. මේ ඉහළ අහසේ කෙලවර කොතැනද? එය අනන්තයද? අනන්තයට එහා පවතින යමක් වේද? අහසත්, පොළොවත් සමඟ ලෝකය හෝ විශ්වය ඇතිවූයේ කවදාද? Childcare.articleඑසේ විශ්වය “ඇති වුයේ නම්” විශ්වය ඇති වීමට කලින් “විශ්වයයේ” තිබුනේ කවරක්ද? විශ්වයයේ අවසානය කවදා සිදුවේද? විශ්වයේ අවසානයක් ඇත්නම් ඒ අවසානයට පසුව ඇත්තේ කුමක් විය හැකිද? ආදී වශයෙනි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවති ව්‍යවස්ථාදායක සභාව අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    ජනවාරි මාසයේදී පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත්  මේ පිළිබඳව අප සියලම පක්‍ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඇති අතර, මැතිවරණ කොමිසමත් දැනුම්වත් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචිත  “සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ” සහ  “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය ජනගත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් කමිටු ශාලාවේ දී පැවැත්විණි. 

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල  මෙවරත් 22 වරට පසුගියදා අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහෙල් දී ඉතා  උත්කර්ෂවත්ව පැවැත්වුණි.

    ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලැබූ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව නිකුත් කොට ඇත.
     
    ඒ අනුව,
     
    ගෘහ ඒකක ආදායම
     
    ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු 62,237 කි. 2012/13 වර්ෂයේ පැවැත්වූ සමීක්ෂණයට සාපේක්ෂව පවත්නා මිල ගණන් යටතේ එය 35.7% ක වැඩිවීමකි. 2013 ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය වූ උද්ධමන බලපෑම් හමුවේ මූර්ත  ආදායම සලකන විට එය 15.8% ක වැඩිවීමකි. නාගරික, ග්‍රාමීය හා වතු අං‍ශයන්හි වාර්තා වු ආදායම් සැලකීමේදී, නාගරික අංශයේ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම රු. 88,692 ක් හා ග්‍රාමීය හා වතු අංශවල එම අගය පිළිවෙළින් රු. 58,137 ක් සහ රු. 34,804 ක් ලෙස වාර්තා විය.
     
    ආදායම් විෂමතා
     
    දුප්පත්ම ගෘහ ඒකක 20‍‍‍‍‍‍‍‍% (1 හා 2 වන දශමකයන්), දුප්පත්ම ගෘහ ඒකක 40% (1 සිට 4 වන දශමකය දක්වා), මධ්‍ය පාන්තික ගෘහ එකක 60% (3 වන දශමකයේ සිට 8 වන දශමකය දක්වා) හා පොහොසත්ම ගෘහ එකක 20% (9 වන සහ 10 වන දශමකය) යන ප්‍රාන්තර තුල මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක ආදායම් පි‍ළිවෙලින්  රු.14,843ක් , රු.22,423ක් , රු.46,097ක් හා රු.158,072 ක් වශයෙන් වාර්තා විය.
     
    ශ්‍රී ලංකාවේ මාසික මධ්‍යන්‍ය ඒක පුද්ගල ආදායම 2016 වසරේ රු.16,377 ක් විය. එම වර්ෂයේදී ආදායම් ලබන්නන්ගේ මාසික මධ්‍යන්‍ය ආදායම රු.33,894 ක් වු අතර මාසික මධ්‍යස්ථ ආදායම රු23,260ක් විය. ගෘහ ඒකකයක පදිංචි ආදායම් ලබන පුද්ගලයින් සංඛ්‍යාව සැලකූ විට 2016 වසරේ ගෘහ ඒකකයක  ආදායම් ලබන පුද්ගලයින් සංඛ්‍යාව 1.8 ක් ලෙස වාර්තා විය.  එම සමීක්ෂණ ප්‍රතිඵල අනුව වාර්තා වු ශ්‍රී ලංකාවේ  ගෘහ ඒකක ආදායම් ගිණි සංගුණකය 2016 වසර සඳහා  0.45 ක් වූ අතර එය  2012/13 සමීක්ෂණයේ දී 0.48 ක් විය.
     
    ගෘහ ඒකක වියදම
     
    ගෘහ ඒකකයක ආහාරපාන හා ආහාරපාන නොවන ද්‍රව්‍ය වල වියදම් සලකමින් ගෘහ ඒකක වියදම් ගණනය කරන ලදී.  ශ්‍රී ලංකාවේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් අනාවරණය වු ප්‍රතිඵල අනුව 2016 වසරේ දී මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.54,999 ක් විය. ආහාර සදහා පමණක් මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.19,114 (34.8%) ක් ලෙස වාර්තා වු අතර ආහාරපාන නොවන ද්‍රව්‍ය සදහා වු මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම රු.35,885 (65.2%) ක් ලෙස වාර්තා විය.
     
    මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම,  2012/13 වර්ෂයට වඩා 2016 වර්ෂයෙහි  33%  ක වැඩීවීමක් පෙන්නුම් කරයි. එමෙන්ම ආහාර ද්‍රව්‍ය සදහා 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වු මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම වන රු.15,651 ට සාපේක්ෂව 2016 වර්ෂයෙහි ආහාර ද්‍රව්‍ය සදහා වු  මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම 22%ක (රු 19.114 ක් දක්වා) වැඩිවීමක් පෙන්නුම් කරයි. ආහාර නොවන ද්‍රව‍්‍ය සදහා 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වූ මාසික මධ්‍යන්‍ය ගෘහ ඒකක වියදම වන රු.25,793 ට සාපේක්ෂව 2016 වර්ෂයෙහි ඒම අගය 39% කින් (රු. 35,885ක් දක්වා) වැඩිවී ඇති බව මෙම සමීක්ෂණ දත්ත වලින් පෙන්නුම් කරයි. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාසික ගෘහ ඒකක මධ්‍යස්ථ වියදම 2016 වසරේ දී රු. 40,186 කි. සාමාන්‍ය මාසික ගෘහ ඒකක මුර්ත වියදම රු 38,282 කි. එය 2012/13 සමීක්ෂණයෙන් වාර්තා වු අගයට වඩා 13.3% ක වැඩි වීමකි. ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මඟින් ශ්‍රී ලංකාවේ මාසික  ගෘහ ඒකක වියදම සඳහා ගිණි සංගුණකය  0.41  ක් ලෙස වාර්තා වු අතර 2012/13 සමීක්ෂණයේ දී එම අගය 0.40 ක් විය.
     
    දරිද්‍රතා වෙනස්කම්
     
    ශ්‍රී ලාංකීය ජනතාවගේ ජිවන තත්ත්වයන්හි කාලීන වෙනස්විම් මැන බැලීමට යොදාගත හැකි වඩාත් වැදගත් නිර්ණායකයක් වන්නේ නිල දරිද්‍රතා රේඛාවයි.
     
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රථම වතාවට 2004 වර්ෂයේදී මෙම නිල දරිද්‍රතා රේඛාව හදුන්වාදෙන ලදි. මේ සදහා 2002 වර්ෂයේදි පවත්වන ලද ගෘහ ඒකක ආදායම් හා වියදම් සමික්ෂණයේ තොරතුරු  යොදා ගන්නා ලදී. නිල දරිද්‍රතා රේඛාව  කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මිල ගණන් වෙනස්වීම් මත යාවත්කාලින කරනු ලැබේ.
     
    මෙම සමීක්ෂණ තොරතුරු අනුව ශ්‍රී ලංකාවෙන් දුප්පත්කම අඩුවිමේ ප්‍රවනතාවක් පසුගිය වසර 14 තුලදිම දක්නට ලැබුණි. ඉහත සදහන් කළ දරිද්‍රතා රේඛාව අනුව 2002 වර්ෂයේදී ජනගහන දරිද්‍රතා අනුපාතය 22.7 % ක් විය. 2016 වසරේදී එය 4.1 % ක් දක්වා අඩු වී ඇත. මෙසේ පසුගිය දශක කිහිපය තුලළ ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කලද, දුප්පත්භාවයේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික, ග්‍රාමිය, වතු යන අංශ මට්ටමින් දක්නට ලැබේ. 
     
    මේ පිළිබඳ වැඩිදුර විස්තර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ්  අඩවිය වන www.statistics.gov.lk හි පළකර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
     
    ගෘහ ඒකක ආදායම්/ වියදම, ආදායම් විෂමතා, දරිද්‍රතාව වැනි තොරතුරු පිළියෙළ කිරීම සඳහා  ජනලේ‍ඛන හා සංඛ්‍යාලේ‍ඛන දෙපාර්තමේන්තුව මඟින් ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂ‍ණය සෑම වසර 3 කටම වරක් පවත්වනු ලබන අතර 2016 වසරේ දී මෙම සමීක්ෂණ මාලාවේ 9 වැන්න පැවැත් වුණි. 
     
    මෙම සමීක්ෂණය සඳහා විධිමත් නියැදි තේරීමේ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව මුළු රටම ආවර‍ණය වන පරිදි නිවාස ඒකක 25,000 ක නියැදියක් යොදා ගනිමින් 2016 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වු කාලය තුළ  දත්ත රැස් කරන ලදී.

    ලබන 8 වැනි දිනට යෙදී ඇති ජාතික විශ්‍රාමික දින සැමරුම් උළෙල, දීපව්‍යාප්ත සැමරුම් උළෙලක් ලෙස පළාත් නවය නියෝජනය වන පරිදි පැවැත්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා සඳහන් කරයි.

    බිම් මට්ටමේ ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීම හරහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙන අතර ම ආර්ථිකයක් ශක්තිමත් වීමටත්, දියුණු වීමටත් පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අතර ම ආර්ථිකය ශක්තිමක් කිරීමට නම් රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත්, විදේශ රැකියා නියුක්තිකයිනුත් සාර්ථක බිම් මට්ටමේ ව්‍යාපාරිකයිනුත් යන සියල්ලෝම එකට එක්විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    “කොල්ලෝ උඹ අහල තියෙනවද බහිරව අත්තප්පගේ කතා,,

    කෝට්ටේ රජමහා විහාරයේ දී පසුගිය දා පැවැති දළදා පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    2017 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් රජයේ පොළි ණය යෝජනා වැඩසටහන 2017 මාර්තු 31 දිනසිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර ඒ අනුව බැංකු විසින් ණය දීමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

     
    ලංකාව තුළ වර්තමානය වන විට බටහිර, දේශීය, ආයුර්වේද, හෝමියෝපති, චීන කටුචිකිත්සාව වැනි විවිධ වෛද්‍යක්‍රමයන් ප්‍රචලිතව පැවතියත් බොහෝ පිරිසකගේ විශ්වාසය පවතින්නේ බටහිර වෛද්‍ය ක්‍රමය මතයි. නමුත් අපේ රටේ පමණක් නොව සංවර්ධිත රටවල පවා බටහිර වෛද්‍ය ක්‍රමය හා සමානව ම දේශීය වෛද්‍ය ක්‍රමය ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා පමණක් නොව ඒ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද උපයා ගනු ලබනවා. මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණුව පැවතියත් සමහර රෝග සඳහා විසඳුම් නොලැබෙන අවස්ථා දක්නට ලැබෙනවා. මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ ව උනන්දුවක් ඇති බවක් දක්නට ලැබෙන අතර ම ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ද පවතින විකල්ප වෛද්‍ය ක්‍රම දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද යොදාගැනීම මෙන් ම හුවමාරු කරගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. මේ හරහා ශ්‍රී ලංකාවට විදේශ විනමය ඉපයීමට ද අවස්ථාව හිමි වේ.

    වර්තමානයේ ජාතික ව්‍යසනයක්ව පවතින ඩෙංගු රෝගය ඔබ අප සැමගේ ජීවිතයට මහත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.

    පසුගිය මාස කිහිපයක් පුරාවටම ක්‍රියාත්මක වුණු පෑවිල්ලෙන් වේලිලා තිබුණු අපේ සිත් පිනවමින් නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ජනතාව ප්‍රීතියෙන් පිනා ගියේය. එහෙත් ඒ ප්‍රීතිය නියම අර්ථයෙන් භුක්ති විඳීමට ඉඩ නොතිබූ සොබාදහම මිනිස්සුන්ව වැස්සෙන් ම තෙත බරිත කළෝය. වැස්ස නිසා තැවුණු වැළපුණු සිතත් මේ ලක් දෙරණ මත නොසිටින්නට තරමේ විනාශයක් කරමින් වැස්ස යළි පායා ගියත් ජනතාවගේ සිතට නම් සැනසීමක් නොවුණේය. වැස්සෙන් තෙත බරියම් වූ ජනතාවට සිය ජීවිතය වේලා ගන්නටත් ප්‍රථම යළි වසන්ගතයක් ආවේය. ඒ ඩෙංගු වසන්ගතයයි. කඩින් කඩ වැස්ස අපට සතුට සනීපය රැගෙන ආවත් ඒ එන්නේ ලෙඩ රෝග ගොන්නක් පොදි ගහගෙනය. වැස්සෙන් ජීවිත අහිමි වූවෝ සිය ගණනකි. ඒ මතකයන් යට කරමින් ඩෙංගු මදුරුවා පැමිණ තිබේ.
    ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථක ව අවසන්ව තිබේ.

    ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ආධාර කිරීම සඳහා ඉන්දියානු රජය තීරණය කර ඇති අතර එම රජය විසින් පරිත්‍යාග කෙරෙන සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව අද (28) පස්වරුවේ කොළඹ වරායට පැමිණියේය.

    ත්‍ර‍ස්තවාදයට මුහුණ දුන් රටවල් දෙකක් වශයෙන් ශ්‍රී ලංකාවටත් නේපාලයටත් සාමය අවශ්‍ය බවත් ඒ සඳහා තිබෙන අභියෝගවලටත් මුහුණදීමටත් බුදු දහමේ ඉගැන්වීම්වලින් පාඩම් ගත හැකි බවත් නේපාල ජනාධිපතිනිය බිද්‍යා දේවී බණ්ඩාරී මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya