අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථිකය ශක්තිමක් කිරීමට නම් එකට එක්විය යුතුයි - අගමැති

    සැප්තැම්බර් 22, 2017
    බිම් මට්ටමේ ව්‍යාපාරිකයින් ශක්තිමත් කිරීම හරහා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලැබෙන අතර ම ආර්ථිකයක් ශක්තිමත් වීමටත්, දියුණු වීමටත් පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අතර ම ආර්ථිකය ශක්තිමක් කිරීමට නම් රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත්, විදේශ රැකියා නියුක්තිකයිනුත් සාර්ථක බිම් මට්ටමේ ව්‍යාපාරිකයිනුත් යන සියල්ලෝම එකට එක්විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    කොළඹ, ගලදාරි හෝටලයේ දී පසුගිය දා පැවැති "සණස ජාත්‍යන්තර සම්මේලනය 2017" සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
     
    විශේෂයෙන්ම බිම් මට්ටමේ ව්‍යාපාරිකයන් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු වත්මන් රජය විසින් සැලසුම් කරගෙන යන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
     
    "රටක ආර්ථිකයක් දියුණු වන විට එම රටේ ජනතාවට නව ආදායම් මාර්ග ඇති විය යුතුයි. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික රජය ගම් මට්ටමේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් බිම් මට්ටමේ ව්‍යාපාරිකයා නඟා සිටුවීමටත් අවශ්‍ය කටයුතු සිදු කරනවා. නගරයේ ආර්ථිකය ශක්තිමත් කරන අතරම බිම් මට්ටමේ ආර්ථිකය දෙසටත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වැඩපිළිවෙල යටතේ රජයේ බැංකු සහ සණස බැංකුව ආදිය  ව්‍යාපාරිකයින්ට අවශ්‍ය මුදල් විශාල ලෙස ලබා දෙමින් සිටිනවා".
     
    "අපට එක් ගම්මානයක් තුළ සාර්ථක ව්‍යාපාර ගණනාවක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා. මෙලෙස නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීම සඳහා එම වැඩපිළිවෙළ අපි කොටස් 3 ට බෙදා වෙන් කර තිබෙනවා. ඒ විශාල පරිමාණ, කුඩා හා මධ්‍යම පරිමාණ සහ බිම්මට්ටම් ව්‍යාපාර ලෙසයි". 
     
    "කෙසේ නමුත් කුඩා හා මධ්‍යම පරිමාණ සහ බිම් මට්ටමේ ව්‍යාපාර යන අංශ දෙක සඳහා රජයෙන් ලැබෙන මූල්‍ය ආධාරවල අඩුවක් අපට දක්නට ලැබෙනවා. එම නිසා ඉදිරියේදී අයවැයෙන් රාජ්‍ය හා පුද්ගලික බැංකු හරහා එම ව්‍යාපාර අංශයන්ට සැළකිය යුතු ආධාර මුදලක් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. විශාල ව්‍යාපාරිකයන්ට පමණක් බැංකු මගින් සහන සලසා දිය නොහැකියි. කුඩා හා මධ්‍යම පරිමාණ, බිම් මට්ටම ආදී සියලු කාණ්ඩවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මුදල් බැංකු හරහා ලබාදීමට කටයුතු කළ යුතුයි". 
     
    "එම නිසා ඒ සඳහා අවශ්‍ය නීති සම්මත කර ගැනීමට අප මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. සණස ව්‍යාපාරය හරහාත් රාජ්‍ය බැංකු හරහාත් ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය මුදල් හැර ලංකාවේ අනෙක් පෞද්ගලික බැංකු හරහා ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය මුදලේ ප්‍රමාණය ඉතා කුඩායි. අපේ අවධානය ඒ වෙත ද යොමුවිය යුතුයි". 
     
    නව ව්‍යාපාරිකයන් සඳහා අප "ස්වශක්ති" වැඩසටහන හඳුන්වා දුන් බවත් ඒ හරහා ඔවුන් විවිධ අන්දමේ ව්‍යාපාර  ආරම්භ කර තිබෙන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට මේ රටේ විශාල පිපාසයක් ඇති බව ඉන් මනාව පෙනී යන බවත් කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya