අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්‍රාමික දින සැමරුම 8 වැනිදා

    ඔක්තෝබර් 05, 2017

    ලබන 8 වැනි දිනට යෙදී ඇති ජාතික විශ්‍රාමික දින සැමරුම් උළෙල, දීපව්‍යාප්ත සැමරුම් උළෙලක් ලෙස පළාත් නවය නියෝජනය වන පරිදි පැවැත්වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත් ඩී. ඩයස් මහතා සඳහන් කරයි.

    ඒ අනුව පළාත් නවයෙහි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් නවය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම ජාතික දින සැමරුම් උළෙල පැවැත් වේ.

    රාජ්‍ය සේවය වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් සිය දැනුම, ශ්‍රමය හා කාලය කැල කර විශ්‍රාම ලැබූ උදාරතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මෙහෙවරට හරසර දැක්වීම උදෙසා රජය විසින් සෑම වසරක ම ඔක්තෝබර් 8 වැනි දින ''ජාතික විශ්‍රාමික දිනය'' ලෙස නම් කර ඇත.  

    බස්නාහිර පළාත් ජාතික විශ්‍රාමික දින උළෙල ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල භූමියේ දීද, වයඹ පළාත් උළෙල කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, සබරගමු පළාත් උළෙල කෑගල්ල නගර සභා ශ්‍ර‍වණාගායේදී  උතුරු පළාත් උළෙල වව්නියාව දිස්ත්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී,  නැගෙනහිර පළාත් උළෙල ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, උතුරුමැද පළාත් උළෙල අනුරාධපුර දිස්ත්‍රික් ලේක්ම් කාර්යාලයේදී, මධ්‍යම පළාත් උළෙල මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ දීද, දකුණු පළාත් උළෙල ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, ඌව පළාත් උළෙල මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ ව මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දීද පැවැත්වේ.

    මේ උළෙල සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා  ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය. එමෙන් ම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ මඟපෙන්වීම යටතේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජගත්.ඩී.ඩයස් මහතාගේ සහ අදාල දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්ත විශ්‍රාමික දින සැමරුම් නවය සංවිධානය කෙරේ.

    ''විශ්‍රාමයට සවියක්'' යන්න තේමාව කර ගනිමින් මෙවර ජාතික විශ්‍රාමික දින උළෙල  පැවැත්වේ.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2017 වසර ඔක්තෝබර් මාසය වන විට 595677 ක් වූ විශ්‍රාමික ප්‍රජාවක් වෙත රු.මිලියන 125744.04ක මුදලක් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාත් 33538 ක් වන විශ්‍රාමික ප්‍රජාවක් වෙත රු. මිලියන 15847 ක මුදලක් පාරිතෝෂික ගෙවීම සඳහාත් වැය කළ අතර දැනට සිවිල් විශ්‍රාමිකයන් 335393 ක් ද වැන්දඹු විශ්‍රාම වැටුප්ලාභීන් 177977 ක් ද සන්නද්ධ සේවා විශ්‍රාමිකයින් 82307ක් ද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබති. ත්‍රිවිධ හමුදාවන් හි සහ පොලීසියේ මියගිය හා ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් 39500 කට පමණ රුපියල් මිලියන 21810 ක් පමණ වැටුප් හා දීමනා වශයෙන් ප්‍රතිපාදන සලසා ඇත. රජය විසින් ගනු ලැබු ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරමින් සේවා කාලය අවුරුදු 10ක් හා 12ක් නොමැතිව සේවයෙන් ඉවත් කරන ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 2424කට මේවනවිට ප්‍රතිලාභ හිමිගන්වා ඇති අතර රණවිරු සුරැකුම් දීමනාත් ගෙවීම ආරම්භ කර ඇත්තේ ප්‍රතිලාභීන් සතුටට පත් කරමිනි. රජය විසින් 2017 වසර සඳහා රැපියල් බිලියන 210 ක මුදලක් විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා වෙන් කර ඇත.

    මීට අමතර විශ්‍රාමික ප්‍රජාවට සිය විශ්‍රාම වැටුප නිසි පරිදි නිසි කලට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු නවීන තොරතුරු තාක්ෂණික විසඳුම් ඔස්සේ ලබාදීමේ දැවැන්ත ක්‍රියාන්විතයක විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යෙදී සිටින අතර මාර්ගගත ක්‍රමයට (online) විශ්‍රාම වැටුප් ලියාපදිංචිය වැන්දඹු අනත්දරු ලියාපදිංචිය මෙන් ම ඉන් ඔබ්බට ගිය විශ්‍රාමික ප්‍රජාවගේ වෙනත් සුභසාධන සේවාවන් වන නිදහස් දුම්රිය බලපත්‍ර ලබාදීමේ ක්‍රමය ද මාර්ගගත ව සිදු කිරීමෙන් ඔවුන්ගේ කටයුතු අතිශය පහසුවක් නිරවද්‍යවත් ක්‍රමයකට ඉටුකර ගත හැකි වී තිබේ. එමෙන් ම විශ්‍රාම වැටුප් ලබා ගැනීම සම්බන්ධ සියලු කටයුතු මාර්ගගතව සිදු වන බැවින් සියලු අවස්ථා විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවිඩ මාර්ගයෙන් ලබාදීමත් සිදුවේ. එමෙන් ම www.pensions.gov.lk  නිල වෙබ් අඩවියට පිවිස තමන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධ තොරුතුර ලබා ගැනීමටත් විශ්‍රාමික ප්‍රජාව වෙත අවස්ථාව උදාකර දී ඇත. මෙසේ විශ්‍රාමික ප්‍රජාවගේ කටයුතු පහසු හා සරල කර දෙමින් ඔවුන් වෙත පහසුවෙන් සිය ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව ලබා දීමත් වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධ වී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහසම්බන්ධය තහවුරු කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු, මූල්‍ය ආයතන, සන්නිවේදන ආයතන, රක්ෂණ ආයතන හා වෙනත් ව්‍යවසායකයන්ගේ හවුල්කාරීත්වයෙන් යුතුව විශ්‍රාමික දිවියට සවියක් වී විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ණය යෝජනා ක්‍රම, රක්ෂණාවරණ, සන්නිවේදන පහසුකම් ආදී වෙනත් ප්‍රතිලාභ ලබාදීමට ද කටයුතු තර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya