අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන් අතාවුදහෙට්ටි මහතාගේ කෘති දෙකක් ජනගත කෙරේ

    නොවැම්බර් 01, 2017
    සමන් අතාවුදහෙට්ටි මහතා විසින් රචිත  “සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ” සහ  “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය ජනගත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, ලෝටස් කමිටු ශාලාවේ දී පැවැත්විණි. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී අතාවුදහෙට්ටි මහතා විසින් රචිත  “සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ” සහ  “මලක් වුණේ ඇයි නුඹ මට” කෘති ද්විත්වය,  මිලදී ගත්තේය.
     
    මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya