මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උණ ගැන දරුවන් දැනුම්වත් කිරීමට ගුරුවරුන්ට උපදෙස් මාලාවක්

    ජූනි 14, 2018

    ඉන්ෆ්ලුවන්සා රෝගය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබේ.

    ඒ අනුව,

    • පාසලේදී ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ හඳුනාගතහොත් දෙමාපියන්ට දැනුම් දෙන්න. ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකිව වෙනම ස්ථානයක තබන්න.

     

    • උණ තත්ත්වයක් පවතී නම් පැරසිටමෝල්ට් ඖෂධය නියමිත මාත්‍රාවන් ලබාදෙන්න (දරුවාගේ බර කි.ග්‍රෑම් 1කට පැරසිටමෝල්ට් ඖෂධය මි.ග්‍රෑම් 15)

     

    • අවදානම් රෝගි තත්ත්වයක් ඇත්නම් දෙමාපියන්ට දන්වා දරුවා රෝහල්ගත කරන්න.

     

    • දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායී ආහාර ලබාදෙන ලෙස දෙමාපියන්ට උපදෙස් දෙන්න.

     

    • රෝගය සුව වන තුරු දරුවා පාසල් එවීමෙන්, අමතර පන්ති යැවීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් වළක්වා හොඳින් විවේකීව තැබීමට දෙමාපියන්ට උපදෙස් දෙන්න.

     

    • ඩෙංගු රෝගය ද පවතින බැවින් වෛද්‍යවරයාට සියලු රෝග ලක්ෂණ නොසඟවා පවසන්න.

     

    ඉන්ෆ්ලුවන්සා හා ප්‍රතිකාර පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් වැඩි විස්තර නොමිලේ ලබාගත හැකිය. එහි දුරකථන අංකය 0710 107 107 වේ. වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් සෘජුවම සම්බන්ධ කරගත හැකි සුවසැරිය ජංගම සෞඛ්‍ය උපදේශන සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සත්කාරය ලෙස ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya