මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල අවප්‍රමාණ වීමට මුහුණ දිය හැක්කේ,අපනයන ශක්තිමත් කිරීමෙනි

    අප්‍රේල් 27, 2018

    ඩොලරයේ අගය ඉහළ යෑම නිසා රුපියල අවප්‍රමාණවීමෙන් සිදුවන පාඩුවට මුහුණ දිය හැක්කේ අපේ අපනයන නිෂ්පාදන තව තවත් වර්ධනය කිරීමෙන් යැයි ජාතික සේවක සංගමයේ උප සභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පවසයි.

    එසේම වරාය,ගුවන්තොටුපල ආදී සේවාවන්ගෙන් ලැබෙන ආදායම වැඩිකර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට කටයුතු කිරීම මඟින් ද රුපියල අව ප්‍රමාණ වීමට මුහුණ දිය හැකි බව ඒ මහතා පැවසුවේ,
    පිටකෝට්ටේ, ජාතික සේවක සංගම් මූලස්ථාන්යේ අද (27) පැවැති මාධ්‍ය හමුවක දී ය.

    තව ද විදෙස් රටවල සේවය කරන අය විසින් මේ රටට එවන මුදල්වලට ඩොලරයේ අගය ඉහළ යෑම නිසා වැඩි මුදලක් ලැබෙන බවත් ද පැවසූ සුනිල් ද සිල්වා මහතාඑසේම වරාය,ගුවන්තොටුපල ආදී සේවාවන්ගෙන් ලැබෙන ආදායම වැඩිකර ගැනීමට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට කටයුතු කිරීම මඟින් ද රුපියල අව ප්‍රමාණ වීමට  මුහුණ දිය හැකි බව ඒ මහතා පැවසුවේ, පිටකෝට්ටේ, ජාතික සේවක සංගම් මූලස්ථාන්යේ අද (27) පැවැති මාධ්‍ය
    හමුවක දී ය.

    තව ද විදෙස් රටවල සේවය කරන අය විසින් මේ රටට එවන මුදල්වලට ඩොලරයේ අගය ඉහළ යෑම නිසා වැඩි මුදලක් ලැබෙන බවත් ද පැවසූ සුනිල් ද සිල්වා මහතා, කෘෂිකාර්මික ආර්ථිකයෙන් පමණක් රට දියුණු කළ
    නොහැක. ඒ සඳහා සේවා සහ කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට පියවර ගත යුතු යැයි ද සඳහන් කළේ  ය.

    පසුගිය රජයේ 2012 දී ඉදිරිපත් කළ අයවැය මඟින් මුදලේ අගය සියයට 3කින් අව ප්‍රමාණ වූ බව පෙන්වා දුන් සුනිල් ද සිල්වා මහතා, එම රජය රුපියල අව ප්‍රමාණය වීම වළක්වා ගත්තේ, මහබැංකුව සතු ඩොලර් සංචිත
    වෙළඳපොළට නිකුත් කිරීමෙන් යැයි ද කීය.

    වර්තමාන රජය එසේ මහබැංකුවේ ඩොලර් සංචිත පාවිච්චි නොකොට වෙළඳපොලේ අගය මත රුපියල පාවෙන්නට ඉඩහැර තිබෙන බව ද සඳහන් කළේ ය.

    ජාතික සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සුරංග නාඋල්ලගේ මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya