අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මැලේරියා දිනය - ''මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනගමු!''

    අප්‍රේල් 25, 2018

    ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තුරන් කර 6 වැනි වසරට පා තබා ඇත. මැලේරියාව මෙරටින් තුරන් කලද මැලේරියා  රෝගින් තවමත් වාර්තා  වීම , මැලේරියා වාහක මදුරුවන් තවමත් මෙරට සිටීම සහ මැලේරියාව බෝ කරන නව මදුරු විශේෂ මෑතකදී ඇතැම් ප්‍රදේශ වලින් හමු වීම වැනි කරුණු හේතුවෙන් මැලේරියාව මෙරට තුළ හිස එසවීමේ අවදානමක් පවති. අදට යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ඊයේ (24)සංවිධානය කර තිබුණා.

    ඊයේ පැවති මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා , ස්‍යෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා , මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.

    මැලේරියාව යනු මාරාන්තික රෝගයක් පමණක්ම නොව, දිගුකාලීන සමාජීය හා ආර්ථිකමය ප්‍රතිවිපාක ගෙනදෙන විනාශකාරී රෝගයකි. ‍.අතීතයේ මැලේරියාව ශ්‍රි ලංකාවට ආවේණික රෝගයක්ව පැවති අතර වරින් වර වසංගත තත්ව ඇති විය. 1935 වසරේ මෙරට ඇති වූ වසංගත තත්වය හේතුවෙන් මරණ අනුපාතිකය උපත් අනුපාතිකයට වඩා වැඩි වුණා. 1987 වසරේදී රෝහල් ගත වීමේ ප්‍රධාන රෝගය වූයේ මැලේරියා වසංගතයයි. ‍මෙම රෝගය රටතුල බහුලව ව්‍යාප්ත වී පැවති කාලයේ රටේ ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් මෙම රෝගය නිසා රෝගාතුරු විය.

    ස්‍යෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, ඉමහත් පරිශ්‍රමයක ප්‍රථිපලයක් ලෙස 1991 වසරේදී 400,000 වූ මැලේරියා රෝගින් සංඛ්‍යාව 2012 වසර අවසානය වන විට එකදු මැලේරියා රෝගියෙකුවත් වාර්තා නොවන තත්වයට ගෙන ඒමට හැකි වූ බවයි. ඒ අනුව මේ ගතවෙන්නේ ශ්‍රී ලංකාව  දේශීයව සම්ප්‍රේෂණය වු එකදු රෝගියෙකු වත් වාර්තා නොවු 06 වන වසර බව , අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙහිදී අදහස් දැක් වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව තුළ මැලේරියාව සම්ප්‍රේෂණය වීම තුරන් කළද ඉන්දියාව , අප්‍රිකාව වැනි රටවල් වලින් මැලේරියාව වැළදි මෙරටට පැමිණෙන රෝගින් තවමත් වාර්තා වන බවයි. 2015/2016/2017/21018 යන වර්ෂවලදී  නොකඩවා මැලේරියා රෝගින් වාර්තා වුණා.  2018  වසරේදීත් මැලේරියා රෝගින් 10ක් වාර්තා වුණා. නමුත් මෙම රෝගින් උතුරු නැගෙනහිර පළාත් වලින් නොව බස්නාහිර පළාත් වලින් වාර්තා වීම විශේෂත්වයක්. මැලේරියාව බහුල රටවලින් මෙරටට සංචාරය සදහා පැමිණෙන විදේශිකයන්ගෙන් මෙන්ම එවැනි රටවල සංචාරය කර පැමිණෙන ලාංකිකයන්ද මේ පිළබ අවධානය යොමු කළ යුතු බවද ඒ සදහා ගුවන් තොටපළේදීම අවශ්‍ය වෛද්‍ය පර්යේෂණ සහ ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළෙවලක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Anti Malaria Campaign යන වෙබ් අඩවිය පිහිටුවීමද ඊයේ (24) සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya