අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි තෙවසර තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට ගේනවා - නව සභාපති, රංජිත් ප්‍රනාන්දු

    අප්‍රේල් 05, 2018

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අවම කරගෙන ඉදිරි වසර 3 ක කාලය තුළ එය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි.

    මේ සඳහා ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් උපදේශකයින් විසින් සකස්කොට ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය එය අධ්‍යයනය කරගෙන යන බවත් ඉදිරි මාස දෙක ඇතුළත එය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවැසුවේ අද (5) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් වන මනෝ තිත්තවැල්ල, එයාර්වයිස් මාෂල්ක පිල ජයම්පති, සුසන්ත කටුගම්පල, සහ ආචාර්ය රොෂානි පෙරේරා යන මහත්ම මහත්මිහු ද එහි මාධ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකාර දීපාල් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.


    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්වයට පත්වන තුරු එයින් වැටුප්, වාහන හා වෙනත්කි සිදු ප්‍රතිලාභයක් ලබා නොගැනීමට තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයකොට ඇති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
    මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 750 ක්ප මණ වේ. ඒ වෙනුවෙන් විශාල මුදලක් පොළිය වශයෙන් ගෙවීමට සිදු වී ඇත. පසුගිය කාලයේ වෙළෙඳ පොළ මිල ගණන්වලට වඩා විශාල මුදලක් ගෙවා ගුවන් යානා මිලයට ගැනීම සහ බද්දට ගැනීම මෙම ණය ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ.


    එමෙන්ම අලාභ ලබමින් පවත්වාගෙන යන ගුවන් ගමනාන්ත නතර කිරීම, අතිරික්ත සේවකයින්අ ඩු කිරීම සහ අලාභය අවම කර ගැනීම අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා පැවැසීය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිරූපය යළිගොඩනැංවීමට විශාල වැඩකොටසක් කරගෙන යන බව අධ්‍යන්ෂ මණ්ඩල සාමාජික සුසන්ත කටුගම්පල මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya