ජූනි 18, 2019
tami eng youtube  twitter facebook
    logo

    පසුගිය පොසොන් සද සමගින් සිනාසුනු තිසා වැවෙන් එයි, යළි හඩනා ලකුණු

    සැප්තැම්බර් 19, 2016
    තිසා වැවෙන් දිය නෑමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිමය තිරණයක් ගනු ලැබුවේ පසුගිය පොසොන් සමයේයි. ඒ අනුව 2016.05.24 වන දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තිරණයට එළඹිණි. තිසා වැවෙහි පවතින ඓතිහාසික වැදගත්කමත්,ආගමික පසුබිමත්, වර්තමානයේ එහි පවතින අපවිත්‍රතාවයත් ආදී කරුණු රැසක් හේතුවෙන් ලබාගත් එම තීන්දුව මහා සංඝරත්නයේත් සාමාන්‍ය ජනතාවගේත්, පරිපාලන ප්‍රධානීන්ගේ මෙන්ම දේශපාලනයින්ගේත් දැඩි ප්‍රශංසාවට පාත්‍ර විය.
    තිසාවැවෙහි දිය නෑම තහනම් කිරිමට ප්‍රයන්ත දරා ඇති අවස්ථා ගණනාවකි.එහි දිය නෑම තහනම් බව කියවෙන ලිපියක් 2011 ජුනි මස 13 වන දින පුවත්පත් වල පළවී තිබිණි.2013 ජුනි මස 13 වන දින කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය මගින් ප්‍රදේශිය වාරි ඉංජිනේරුවරයා වෙත යවන ලද ලිපියක ද තිසා වැවෙහි දිය නෑම තහනම් කිරීම ගැන අනාවරණය විය.එහෙත් ඒ කිසිදු අවස්ථාවක තිසා වැවෙහි දිය නෑම නතර වුයේ නැත.එහි සුලබව කසල එකතුවිණි.ඒ අවට අපචාර සිදුවිණි.කෑම වෙළදුන්ගෙන් ඒ අවට දුෂිත විණි.මෙම කවුරුන් සගවන්නට උත්සහා කළ ද සියල්ලෙහි සත්‍යතාවක් තිබේ.
     
    වර්තමානයේ අනුරාධපුර නගරාශ්‍රිත ජනතාවගේ ප්‍රධාන පානීය ජල මුලාශ්‍රයක් වන්නේ තිසාවැවයි.සංචාරකයින් විශාල පිරිසක් අවුරුද්ද මුළුල්ලේම ගැවසෙන නිසා වැඩි වශයෙන් කසල එකතුවන්නේ ද තිසාවැවටයි.මෙතනදී සිතිය යුත්තේ පළමුව ජලය අවශ්‍ය වන්නේ නෑමටද? බීමට ද යන්නයි.කරුණු කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා මෙම තීන්දුව ගනු ලැබුවේ ජාවාරම්කාර පිරිසක් ගැන සිතා නොව බහුතර ජනතාවගේ හිතසුව පිණිසය. එය සද්භාවයෙන් යුතුව අභියෝගාත්මකව ගත් තීන්දුවකි. මහ නගර සභා ආඥා පනතට අනුව ද පොදු ජල මුලාශ්‍රයක් අපිරිසිදු කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.මහ නගර සභා ආඥා පනතේ 135 (1) වගන්තිය ඊට සාක්ෂි සපයයි. කරුණු සියල්ල සලකා බැලිමේදී තිසා වැවේ දිය නෑම නැවැත්වීමට ගත් තීන්දුව කාලෝචීත එකක් බැව් කාටත් ඒත්තු යැයි.
     
    පෙර රජ දවස “පූජා වැව“ නමින් හැදින්වු තිසා වැවට අද සිදුවී තිබෙන ඉරණම අතිශය ඛේදනීය ය. ජය ශ්‍රිමහා බෝධින් වහන්සේ දෝවණය කිරිමට පැන් ලබාගන්නා වැවට කැත කුණු එකතු කිරීම නොවටිනා කටයුත්තකි.එහි අවට කැලෑබද ප්‍රදේශයේ නොයෙකුත් දුරාචාර සිදුවන බවට ද ආරංචි පැතිරෙමින් පවතී.එහි වෙළදාමේ නිරත වෙළෙදුන් බොහෝ කූට ක්‍රියාවන් හි නිරතවන බව ඒ අවට ජනතාව හා පුජ්‍ය පක්ෂය ඇතුළු ප්‍රභූවරුන් සදහන් කර සිටී. දුෂිත ක්‍රියා මර්ධනය කරගැනීමේ උවමනාවෙන් අවට ශුද්ධ පවිත්‍ර කරන ගම්වාසීන්ට විවිධ පුද්ගලයින්ගේ තර්ජන එල්ලවෙමින් තිබේ.
    මේ තත්ත්වය මත තිසා වැවෙහි දිය නෑම වැලැක්වීම සදහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී  දිස්ත්‍රික්කයේ සියලුම නිලධාරීන් ඉදිරියේ  ගන්නා ලද තීන්දුවට පටහැනිව ක්‍රියා කරන පිරිසක් මතුව සිටී. අපට වර්තා වන පරිදි එම පිරිස ඉතා අතලොස්සකි.කිහිප අවස්ථාවකම එම පිරිස් තිසා වැවේ දිය නෑම තහනම් යැයි සදහන් කරමින් සවිකර තිබු පුවරු විනාශ කර දමා තිබුණි.
     
    තිසා වැව අවට ගෘහ ඒකක දහස් ගණනක ගෘහ මුලිකයන් සිය ජල බිල්පත් හි පිටපත් ද සමග අත්සන් ලේඛනයක් සකස් කර ඔප්පු කරන්නේ ඔවුන්ට නළ ජලය ලැබෙන බවයි.එසේ හෙයින් මෙලෙස මෙම තීන්දුවට විරුද්ධව ක්‍රියා කරන්නේ වැවෙන්ම නාන්නට අවශ්‍යය යැයි අභිලාශය සහිත පිරිසක්ද? නැතිනම් වැව අවටින් වෘත්තිමය අවශ්‍යතා සපුරා ගැනීමට තැත දරන පිරිසක්ද? එයින් පිළිතුර කුමක්දැයි දැන ගැනීමට අසීරු නැත.මෙබදු ක්‍රියාකාරීන්ගෙන් පැහැදිලි වන්නේ තමන් වෙනුවෙන් හෝ තමන් ජීවත් නොවන බවයි.
     
    මීට සති කිහිපයකට පෙර සිට තිසා වැවේ දිය නෑම තහනම් කිරීමට විරුද්ධව යම් බලවේගයක් ක්‍රියාත්මක විණි.එහෙත් තිසා වැව සුරැකීමේ සංවිධානය විශේෂිව පාර්ශව ගණනාවක් හා ප්‍රදේශවාසින් එක්ව තිසාවැවෙහි  පවිත්‍රතාවය  රැක ගැනීමට වෙර දරයි.නමුත් වැවෙන් දිය නෑමට ඉඩ නොදී සිදුකර ඇත්තේ මානව හිමිකම් කඩකිරීමක් බව මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ. මේ නිසා  ජනහිතවාදීව ගත් තීන්දුවක් හේතුවෙන්  දිස්ත්‍රික් ලේකම්වරයා පත් වුයේ දැඩි අපහසුතාවකටය. එමෙන්ම වැව රැක ගැනිම සදහා අපමණ වෙහෙසක් ගත් දේවානම්පියතිස්සපුර විහාරස්ථානය කේන්ද්‍ර තිසා වැව සුරුකීමේ සංවිධානය දැඩීව අපහසුතාවකට ලක්ව සිටී.
     
    අප සිදු කරන සෑම කාර්යකදීම ප්‍රජා කේන්ද්‍රීයව තීන්දු ගැනිම ඉතා වැදගත් වේ.මෙම තීන්දුව ද එවැන්නකි.එහෙත් පසු අරමුණු වෙනුවෙන් තිසා වැවේ දිය නෑමට ඉඩ නොදීමේ තින්දුව වලක්වන්නට තැත දරන්නේ නම් එය පොදු  ජනතා කේන්ද්‍රීය යහපතට පහර දිමකී. වැවකින් දිය නෑම මානව අවශ්‍යතාවක් වුවත්,එය මානව අයිතිවාසිකමක් වුවත් එම අයිතිවාසිකමට වඩා බහුතරයකගේ විනාශයට හේතුවන ක්‍රියාවන් වැළැක්වීමට ගන්නා තීන්දු පිළිබදව අප සිතිය යුතුය.
    මෙවැනි කටයුතු වලදි ගොරක දඩමස් කිරීම,බොර දියේ මාළු බෑම, නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ ය ආදී ඉපැරණි කියමන් සියල්ල සිහිපත් වේ.හොඳ තීරණයකට ඉඩ නොදී සිටීමට හේතු සෙවීම වැදගත්ය. එහෙත් මෙම තීන්දුව වැලැක්විමට තරම් වන බලවත් කරුණු ඉස්මතු නොවේ. ජල අවශ්‍යතාව නල ජලය මගින් සපුරා ගත හැකිය යන තීන්දුව ජනතාව ගෘහ ඒකකයන්ගේ ගෘහ මුලික අත්සනින්ම  ලබා දි ඇත.ඇරත් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම තීන්දුව ලබා දී ඇත්තේ කල්පනාකාරිවය. ඒ අවට ජනතාව මෙයින් ස්නානය කළේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැතිව මෙය තහනම් කිරීම යුත්ති සහගත නැත.එහෙත් එතුමා පැහැදිලිව සදහන් කළේ සියලු දෙනාට මෙහි ස්නානය සම්පුර්ණයෙන්ම තහනම් වන්නේ අවට ජනතාවගේ ස්නානීය ජල අවශ්‍යතාව සැපිරීමට අවශ්‍ය විකල්ප පහසුකම් සැපිරිමෙන් පසුව බවයි.එහෙත් දිස්ත්‍රික් වරයාට සහය දක්වමින් අනෙකුත් වගකිව යුතු ආයතන කඩිනම්ව ක්‍රියා නොකිරීම කණගාටුදායකය.තීන්දුව ගත් තැනැත්තාටත් තීන්දුව ගැනීමට බලපෑම් කළ ස්වේච්ඡා සංවිධාන හා බලපෑම් කණ්ඩායම් වලටත්  බලවත් අපහසුතාවකට පත්වීමට සිදුව ඇත්තේ මෙම තත්ත්වය මතයි.
     
    විශේෂයෙන්ම වන්දනා සමයේ දී පැමිණෙන දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් සදහා ස්නානය කිරීමට ඉඩ හැරිමෙන් තිසා වැව දැඩි ලෙස අපවිත්‍ර වේ.ඒ පිළිබදව පවසා පත්‍රිකා  ආදිය බෙදු අවස්ථාවලදී සංචාරකයින් ඊට හිස නමා ආචාර කරමින් ඉවත්ව යන නමුදු ප්‍රදේශවාසීන් බහුතරයකගේ කැමැත්ත ඇතත් කිහිප පළක් මීට විරුද්ධව කටයුතු කරන බව තිසා වැව සුරුකීමේ සංවිධානයේ පාගොඩ ජනිතවංශ හිමියෝ පවසති.
     
    තිසා වැව ‍වෙනුවට බැතිමතුන් සදහා ස්නානයට බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කරන ලදි.එමෙන්ම එහි නාන තොටුපල සංඛ්‍යාව වැඩි කිරිමටද පියවර ගෙන තිබේ.ජල සම්පාදන මණ්ඩලය මැදිහත්ව අවට ජනතාවට සත්‍ය වශයෙන්ම ස්නානය සදහා ගැටලුවක් ඇත්නම් ඊට විශේෂ ක්‍රමයක් කඩිනමින් සැකසීම වටී.එවිටත් මෙම තින්දුවට විරුද්ධව හඩ නගන්නේ නම්,එයින් ප්‍රත්‍යක්ෂ  වන්නේ මෙම ඉල්ලීම කරනු ලබන්නේ වැවෙන්ම දිය නෑමට ඇති අවශ්‍යතාව නිසා නොවන බවයි.ඒ බව දැන ගැනීම කඩිනම් වන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරන පරිදි ආදාල වගකිවයුතු ආයතන ඉතා ආසන්න කාලයකදි විකල්ප ක්‍රියාමාර්ග සපුරාලීම තුලයි.
     
    රජරට පළාතේ පමණක් වැව් සියයක් ඇතැයි අපට කවියෙන් ඇසී තිබේ.නමුත් ඒ විසල් වැව් පමණි.එහෙත් අනුරාධපුර පමණක් ගණන් ගතහොත් වැව් දහස් ගණනක් පවති.එහෙත් තිසා වැව පැනයකි.ඒ ස්නානය තහනම් කිරීම සම්බන්ධයෙනි.එසේ නම් ස්නානයට බාධාවක් යැයි සදහන් කරන පිරිසට එම අවශ්‍යතාව සපුරා දුන් පසුව තිසා වැවෙහි දියනෑමට ඉඩ නොදීමේ තීන්දුව නීත්‍යනුකූල බලවත් කිරිමට අසීරු නොවනු ඇත.මෙම තීන්දුව බලාත්මකව කිරීමට නම් අනෙක් වගකිව යුතු පාර්ශව ද  ප්‍රායෝගිව සක්‍රීය බවකින් එක්විය යුතුය. ජනතා බලවේගය ද තව තව වැඩි කළ යුතුය. කෙසේ වෙතත් තිසා වැව තුල දිය නෑමට ඉඩක් නැතැයි යනුවෙන් ගත් තීන්දුව තාමත් බලයෙන් මිලින වී නැත. එම බලයට යහපත උදෙසා තව තවත් ජන බලය එක් කිරීමෙන් මෙය පුර්ණ ප්‍රගමනයක් කරා රැගෙන යා හැකිය. එසේ නොවෙන්නට පෙර පොසොන් සදෙන් පසුව හිනාවෙන්නට පටන් ගත් තිසාවැව එළෙඹෙන පොසොන් සදට පෙර යලිත් හඩන්නට පටන් ගනු  ඇත. එය අනුරාධපුර බොහෝ ජනයාට තිසා වැව ද සමග හඩන්නට හේතුවන කරුණක් වනු නියත ය.
     
    සටහන -
             ෂෙල්ටන් බණ්ඩාර
     
     
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya