අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්‍‍කොට්ලන්ත පාසලක දී මුහුදු මංකොල්ලකරු‍වෙක් හසු‍වෙයි

    ජනවාරි 18, 2016

    'මුහුදු මං‍කොල්ල කරුවන්' යයි ඇසුනු විට මෑතක දී නිර්මාණ‍ය වූ හා‍‍ස්‍යෝත්පාදක චිත්‍රපට මාලාවක් නිතැතින්ම සිහිපත් ‍වේ. නමුත් මීට සියවස් කිහිපයකට ‍පෙර ජනතාව භීති‍යෙන් ඇළලී යයි. වි‍ශේෂ‍යෙන් නාවිකයින් භීති‍යෙන් භීතියට පත්‍කිරීමට මුහුදු මං‍කොල්ල කරුවන් සමත් විය. ඒ ඔවුන්‍‍ විසින් භාණ්ඩ හා මගී ප්‍රවාහන ‍නෞකාවලට පහර දී ඒවා‍යේ ඇති වටිනා භාණ්ඩ හා මුදල් මං‍කොල්ල කෑම හා ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා‍වෙනි.

     

    යුද ආම්පන්න හා අවිආයුධ තාක්ෂණික වශ‍යෙන් දියුණු වීම හා මුහුදු මං‍කොල්ල කරුවන්ට දැඩි දඬුවම් ලබාදීම ‍හේතු‍වෙන් ‍වර්තමාන‍යේ නම් මුහුදු මං‍කොල්ලකරුවන් පිළිබඳ ප්‍රවෘත්තීන් දුර්ලභය. නමුත් හදිසි‍යේම ස්‍‍කොට්ලන්ත‍යේ ප්‍රාථමික පාසලකින් මුහුදු මං‍කොල්ලකරු‍වෙකු මතුවීම ‍ලොව ප්‍රරා ජනතාව මවිතයට පත්කරවන්නක් විය.ස්‍‍කොට්ලන්ත‍යේ එඩිම්බ‍රෝ හි පිහිටි වික්‍ටෝරියා ප්‍රාථමික පාස‍‍ලේ දී ‍මොහු හමු වී ‍ති‍බේ.

     

    indexමෙම ප්‍රාථමික විද්‍යාල‍ය පුළුල් කිරීම සඳහා සිදු කරන ලද කැනීම් වල දී පාසල් මිදු‍ලේ අස්වාභාවික ඉරියව්වකින් තැන්පත් කරන ලද ඇටසැකිල්ලක් හමු වී ඇත. ‍මෙම ඇටසැකිල්ල 16 වන සියව‍සේ ඝාතනය වූ මුහුදු මං‍කොල්ලකරු‍වෙකු‍ගේ යයි පුරාවිද්‍යාඥයින් නිගමනය ‍කොට ති‍බේ.

     

    ‍මෙම පාසල අසල පවතින ‍ඓතිහාසික New Haven වරාය 16 වන සියව‍සේ මුහුදු මං‍කොල්ලකරුවන් ජවාරම්වල නියැලුණු තිප්‍‍පොලක් වූ අතර අන්‍යයන්ට අනතුරු අඟවීමට එහි නිරන්තර‍යෙන් Jolly Roger කොඩිය ඔසවා තැබූ බවට පවතින සාක්ෂී පුරාවිද්‍යාඥයන්‍‍ගේ ‍මෙම අදහස තහවුරු කරයි.

     

    මිනිස් මතකයන් ‍වෙනස් මාවතකට ‍යොමු කරමින් අලුත්වැඩියා කටයුත්තකට වික්‍ටෝරියා පාස‍ලේ කැනීම් කිරී‍මේ දී ‍මෙම අස්ථි හමු වී ඇත. හිස් කබල හමුවන විට එය කැබලි වලට විනාශ වී තිබුණි. ‍මෙම හිස් කබල හා අස්ථි ‍කොටස්, ඒවා‍යේ කාලය හා අයිති කරු හඳුනාගැනීමට විවිධ පර්යේෂණ සඳහා ‍යොදාගන්නා ලදි. ‍මෙම අස්ථි ‍කොටස් වැඩිහිටි පිරිමි පුද්ගල‍යෙකු‍ගේ අස්ථි බව මුලින් ම හඳුනා ගැනුණි. ‍මේ අසල තිබී හමු වූ මැටි කැබලි වසර 4000 කටත් වඩා පැරණිය. එම නිසා පුරා විද්‍යාඥයින් මුලින්ම තීරණය ක‍ළේ, ‍මොහු ‍ලෝකඩ (Bronze) යුග‍යේ ජීවත් වූ පුද්ගල‍‍යෙකු බවයි.

     

    Victoria Primary School in Newhaven Edinburgh where a skeleton was found‍නමුත් කාබන් පර්යේෂණ‍යෙන් ‍‍මෙම අස්ථි වසර 600කට වඩා පැරණි ‍නොවන බව තහවුරු විය. ‍මෙම ස්ථානයට ආසන්න‍යේ ‍‍සොහොන් බිම් 03ක් ‍පවතී. ‍‍මෙම සියලු ‍සො‍හොන් 16 වන සියවසට ආසන්න ඒවා විය. ඒ අනුව මෙම ඇටසැකිලි ‍හඳුනාගැනීමට එම ‍සො‍හොන් උපකාරී විය.



    එඩිම්බ‍රෝ හි පුරා විද්‍යා සංගම‍යේ පාලක, John Lawson නම් පුරාවිද්‍යාඥයා අදහස් කරන අන්දමට 16 වන සියව‍සේ දී ස්‍කොට්ලන්ත‍යේ හා බ්‍රිතාතන්‍යයේ මුහුදු මං‍කොල්ලකරුවන්ට මරණ දණ්ඩනය පැනවූ බවත් New Haven වරාය අසල මුහුදු මං‍කොල්ලකරුවන් බහුලව ගැවසුණ බැවින් ‍මොහු ද එ‍සේ ඝාතනය වූ මං‍කොල්ලකරුවකු බවත් ය. ඔහු‍ගේ සිරුර එතරම් ගැඹුරක මිහිදන් ‍‍නොකිරීම හා එහි ඇතැම් අස්ථි ‍කොටස් විනාශ වී තිබීම තම මතය තහවුරු කිරීමට සොහොන් යොදා ගනී. මන්ද යත් ඝාතනය කරන ලද මං‍කොල්ලකරුවන් අනන්‍යයන්ට අනතුරු අඟවීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා තබන අතර ‍මෙම ඇට සැකිල්‍‍ලේ අස්ථි ‍කොටස් වලට හානී විමට එය ‍හේතු වූ බව ඔහු දක්වයි.

     

    ‍මෙම හිස් කබල කැමරා ‍කෝණ රාශියකින් ඡායාරූපගත ‍කොට ද්වීමාන මුහුණු ප්‍රතිසංස්කරණ මෘදුකාංග මඟින් 16 වන සියව‍සේ පුද්ගල‍යෙකු‍ගේ මුහුණක් ‍ලෙස නිර්මාණය කිරීමට අධිකරණ ‍වෛද්‍ය චිත්‍ර ශිල්පී Hayley Fisher සමත් වී ඇත.

     

    ‍මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු‍වෙමින් පවතින අතර DNA පර්යේෂණ ඉදිරි‍යේ දී සිදු කිරීමට නියමිත ය. එහි දී ඔහු ස්‍‍කෝට්ලන්ත ජාතික‍යෙක් ද නැතිනම් අන් ජාතික‍යෙක් ද යන්න හඳුනාගැනීමට හැකිවනු ඇත. ඒ ඔස්‍‍සේ ‍ලොවම භීතියට පත් කළ මුහුදු මා‍කොල්ලකරුවන් පිළිබඳව වඩා වඩාත් ‍තොරතුරු අනාවරණ්‍ය කරගැනීමට ඉදිරි‍යේ දී හැකිවනු ඇත.

    Live Science වෙබ් අඩවිය ඇසුරින්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya