මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත, වෙළඳ හා සේවා අංශවල මූලික දර්ශකාංක ආර්ථික සංගණනය 2013/14

    ජූලි 15, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ආර්ථික සංගණනය 2013/14 යන වර්ෂ වල දී සිදු කරන ලද අතර එහි දීආයතන ලැයිස්තු ගත කිරීම සහ එම ආයතන වලින් විස්තරාත්මක දත්ත එක්රැස් කිරීම වශයෙන්අදියර දෙකක් යටතේ කර්මාන්ත, වෙළඳ හා සේවා යන අංශයන්ට අදාළ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලදි.

    මෙහි පළමු අදියර 2013 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දී ක්‍රියාත්මක කරන ලද අතර දිවයිනේ සියලුම කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම්(විධිමත් සහ අවිධිමත්)සිදු කරනු ලබන ආයතන මේ යටතේ ලැයිස්තු ගත කරන ලදි.මෙරට ආර්ථිකයේ ව්‍යුහය සහ උපනතිය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය මූලික දර්ශකාංක ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත ද මේ යටතේ එක්රැස් කරන ලදි.

    රටක ආයතන නියුතු ආර්ථික ක්‍රියාකාරකම් හඳුනාගැනීම ආර්ථික සංගණනයක  වැදගත් අරමුණකි. ඒ අනුව මෙරට කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම්වල නියුතු ආයතන මිලියන 1.02 ක් පවතින බව ආර්ථික සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියරට අදාළ වාර්තාව හෙළි කරයි. ජාත්‍යන්තර සම්මත කර්මාන්ත වර්ගීකරණයේ හතර වන සංශෝධනය අනුව මෙරට සංගණන කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක වූ කර්මාන්ත, ඉදිකිරීම්, වෙළඳ සහ සේවා යන අංශයන්ට අදාළ සියලුම ආයතන මෙමඟින් ආවරණය කරන ලදි. නමුත් ස්වයං පරිභෝජනය සඳහා පමණක් සිදු කරනු ලබන ආර්ථික කටයුතු සහ ආර්ථික අංශ කීපයක කුඩා පරිමාණ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වන්නන් මේ යටතේ ආවරණය නොකරන ලදි.

     

    ආර්ථික ක්‍රියාකාරකම්වල නියුතු පුද්ගලයින් ගණන, ආර්ථිකයේ තරම සහ විශාලත්වය මැනීමට ඉතා වැදගත් විචල්‍යයක් ලෙස ආර්ථික විශේෂඥයින් සළකයි. තව ද සේවා නියුක්තිය පිළිබඳ දත්ත මඟින් සමස්ථ ආර්ථිකයේ සශ්‍රීකත්වය පිළිබිඹු කරයි. මීට අමතරව ආර්ථිකයේ නිමවුම ඇස්තමේන්තු කිරීම සඳහා නිරූපන විචල්‍යයක්(Proxy variable) ලෙස බොහෝ රටවල් නියුතු සේවක සංඛ්‍යාව භාවිත කරනු ලබන අතර, අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් හඳුනා ගැනීම, කුඩා හා මධ්‍ය පරිමාන ආයතන අර්ථ දැක්වීම, ආර්ථිකයේ තරම, උපනතිය සහ හැසිරීම යන ආදිය පිළිබඳ අධ්‍යනය කිරීම වැනි කාරණා සඳහා ද නියුතු සේවක සංඛ්‍යාව වැදගත් වේ.

     

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හඳුනා ගැනීම

    ලොව බොහෝ රටවල් වල ආර්ථික ක්‍රියාකාරිත්වයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක විශාල දායකත්වයක් දරන අතර ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙය විශේෂ වැදගත්කමක් ඇත. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට විශාල දායකත්වයක් දක්වන අතර ජනගහනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් සඳහා රැකියා අවස්ථා ද ජනිත කරයි. තව ද  වර්තමාන විශාල පරිමාණ ව්‍යවසායක බහුතරයක් අතීතයේ කුඩා පරිමාන ව්‍යවසාය ලෙස ආරම්භ වී ඇති අතර එබැවින් අනාගත විශාල පරිමාණ ආයතන බිහි කරන තවානක් ලෙස මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සැළකිය හැකිය.

     

    වර්තමාන ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හඳුනාගැනීම සඳහා පොදුවේ පිළිගත් නිර්ණායක නොමැති අතර විවිධ ආයතන ඔවුන්ගේ අරමුණු අනුව විවිධ නිර්ණායක භාවිත කරනු ලබයි.

     

    ඒ අනුව පොදුවේ පිළිගත් නිර්ණායක යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අර්ථ දැක්වීමේ අවශ්‍යතාවය මෙරටට දිගු කාලීන වශයෙන් දැනුන අතර ඒ සඳහා සම්මන්ත්‍රණ ගණනාවක් මෙන්ම විවිධ ආයතන විසින් විවිධ සමීක්ෂණ ද සිදු කර තිබිණි.

     

    ඒ අනුව 2013/14 වර්ෂ වල දී පවත්වන ලද ආර්ථික සංගණනයේ ආයතන ලැයිස්තු ගත කිරීමේ අදියර සියලු පාර්ශව වලට පිළිගත හැකි පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අර්ථදැක්වීම සඳහා ශක්තිමත් පදනමක් දමා ඇත. ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අර්ථ දැක්වීම් සඳහා අත්‍යවශ්‍ය විචල්‍යයන් ලෙස ආයතනයේ පිරිවැටුප, ස්ථාවර වත්කම් සහ නියුතු සේවක සංඛ්‍යාව යන විචල්‍යයන් හඳුනාගත් අතර මෙම විචල්‍යයන් ද ඇතුළත් කර ආර්ථික සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර යටතේ දත්ත එක්රැස් කිරීම සඳහා වූ ආකෘතිය සකස් කරන ලදි. ඒ අනුව එකතු කරන ලද දත්ත විශ්ලේෂණය කිරීමෙන්මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අර්ථ දැක්වීමට සුදුසුම සහ විශ්වසනීයම විචල්‍ය ලෙස ආර්ථික කටයුතුවල නියුතු සේවක සංඛ්‍යාව බව හඳුනා ගන්නා ලදි. මෙම දත්ත විශ්ලේෂණයේ දී කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්ත, වෙළඳ සහ සේවා යන අංශ වල එකිනෙකට වෙනස් ව්‍යාප්තීන් නිරූපනය කරන ලද හෙයින් උක්ත එක් එක් අංශය සඳහා වෙන වෙනම නියුතු සේවක සංඛ්‍යා මට්ට්ම හඳුනා ගැනීම වඩාත් උචිත විය. ඒ අනුව සූක්ෂම, කුඩා, මධ්‍යස්ථ සහ විශාල පරිමාණ ව්‍යවසායක,නියුතු පුද්ගලයින් සංඛ්‍යාව පදනම් කර ගෙන පහත සඳහන් පරිදි නිර්වචනය කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත.

     

    ප්‍රධාන ආර්ථික අංශය

    කාණ්ඩය

    නිර්ණායක (ආර්ථික ක්‍රියාකාරකම්වල නියුතු සේවක සංඛ්‍යාව)

    කර්මාන්ත සහ ඉදිකිරීම්

    සූක්ෂම

    කුඩා

    මධ්‍යස්ථ

    විශාල

    01-04

    05-24

    25-199

    200 සහ ඊට වැඩි

    වෙළඳ

    සූක්ෂම

    කුඩා

    මධ්‍යස්ථ

    විශාල

    01-03

    04-14

    15-34

    35 සහ ඊට වැඩි

    සේවා

    සූක්ෂම

    කුඩා

    මධ්‍යස්ථ

    විශාල

    01-04

    5-15

    16-74

    75 සහ ඊට වැඩි

     

    කර්මාන්ත, වෙළඳ හා සේවා අංශවල මූලික දර්ශකාංක

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකවල සහ නියුතු සේවක සංඛ්‍යාවේ ව්‍යාප්තිය

    ආර්ථික සංගණනයේ ලැයිස්තුගත කිරමේ අදියර අනුව ලැයිස්තු ගත කරන ලද කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු වල නියුතු මුළු ආයතන ගණන 1,019,681 ක් වූ අතර ඉන් 71,126 ක් කුඩා පරිමාණ ආයතන ද, 10,405 ක් විශාල පරිමාණ ආයතන ද විය. මෙහි ව්‍යාප්තිය පහත පරිදි විය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක කාණ්ඩ සහ ආර්ථික අංශ අනුව ආයතන ගණන සහ නියුතු සේවක සංඛ්‍යාවේ ව්‍යාප්තිය

     

    කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වල නියුතු ආයතන සංඛ්‍යාව

    නියුතු සේවක සංඛ්‍යාව

    ආයතන ගණන

    කර්මාන්ත ප්‍රතිශතය (%)

    වෙළඳප්‍රතිශතය (%)

    සේවා ප්‍රතිශතය (%)

    නියුතු පුද්ගලයින්  සංඛ්‍යාව

    කර්මාන්ත ප්‍රතිශතය (%)

    වෙළඳ ප්‍රතිශතය(%)

    සේවා ප්‍රතිශතය (%)

    එකතුව

    1,109,681

    25.6

    41.1

    33.4

    3,003,119

    40.6

    25.6

    33.8

    සූක්ෂ්ම

    935,736

    25.3

    42.0

    32.7

    1,338,064

    27.1

    39.1

    33.8

    කුඩා

    71,126

    28.8

    31.3

    39.9

    529,248

    32.3

    24.4

    43.4

    මධ්‍යස්ථ

    10,405

    32.0

    19.6

    48.4

    387,859

    52.5

    11.1

    36.4

    විශාල

    2,414

    31.6

    36.9

    31.5

    747,948

    64.6

    9.8

    25.7

    සේවා නියුක්තිය

    ආර්ථික සංගණනයේ දී ලැයිස්තු ගත කරන ලද ආර්ථික ඒකක වල නියුතුව සිටි පුද්ගලයින් සංඛ්‍යාව මෙහි නියුතු සේවක සංඛ්‍යාව ලෙස දක්වා ඇති අතර ඊට ආයතනයේ සේවකයින්, තමාගේම ආර්ථික කටයුතු වල නියුතුවූවන්, සේවා යෝජකයින්, ක්‍රියාකාරී හවුල්කරුවන් හා  වැටුප් නොලබා සේවය කරන පවුලේ සාමාජකයින් අයත්වේ. මෙම සංගණනයට අනුව කර්මාන්ත, වෙළඳ සහ සේවා අංශ වල නියුතු සේවක සංඛ්‍යාව මිලියන 03 ක් පමණ වේ.

     

    ආයතනවල ලියාපදිංචිය

    ආයතන වල අරමුණු සහ අවශ්‍යතා අනුව එම ආයතන විවිධ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල ලියාපදිංචි වී තිබිය හැකි ය. ආර්ථික ක්‍රියාකාරකම් වල නියුතු ආයතන ලියාපදිංචි කිරීම සඳහා මෙරට සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පහසුකම් සළසා තිබුණ ද ආර්ථික සංගණනයේ ප්‍රතිඵල අනුව රටේ පවතින ආයතනයන්හිසූක්ෂ්ම පරිමාණ ආයතන වලින් 45%ක් ද, කුඩා පරිමාණ ආයතන වලින් 10% ක් ද, කිසිම ආයතනයක ලියාපදිංචි වී නොමැති බව අනාවරණය විය.මුළු දිවයිනම ගත් කළ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම්වල නියුතු ආයතනවලින් ලියාපදිංචි නොවූ ආයතන වල ප්‍රතිශතය 58% කි.

    නීත්‍යානුකූල අයිතිය

    ව්‍යාපාරවල නෛතික තත්ත්වය එම ආයතනවල විධිමත් අවිධිමත් බව සහ සමස්ත ආර්ථිකයේ ස්වරූපය නිරූපනය කිරීමට යොදා ගන්නා වැදගත් දර්ශකාංකයකි. සංගණන දත්ත අනුව මෙරට ආයතන වලින් 90% ට වැඩි ප්‍රතිශතයක් තනි අයිතිය යටතේ පවතින ආයතන වේ.

    කාන්තා ව්‍යවසායකත්වය

    ආයතන වල කාන්තා ව්‍යවසායකයින් සංඛ්‍යාවහෝ ව්‍යාපාරික තීරණ ගන්නා කාන්තාවන්සංඛ්‍යාව ප්‍රතිපත්ති සම්පාදනයේ දී වැදගත් දර්ශකාංකයකි. සංගණන දත්ත අනුව මෙරට ආයතන වලින් 25% ක් මෙහෙයවනු ලබන්නේ කාන්තා ව්‍යවසායකයින් හෝ කාන්තා තීරණ ගන්නන් වේ.මෙම අගය ග්‍රාමීය අංශයේ (35%) ක් පමණ වන අතර නාගරික අංශයෙහි(28%) කට වඩා ඉහළ අගයක් ගනී.

    මූලික දර්ශකාංක

     

    නියුතු සේවක සංඛ්‍යාව

    ලියාපදිංචි ආයතන ගණන

    කාන්තා ව්‍යවසායකයින් මෙහෙයවනු ලබන  ආයතන ගණන

    තනි ආයතන ගණන

    නියුතු සේවක සංඛ්‍යාව

    එකතුව

    1,019,681

    57.6

    24.8

    90.4

    3,003,119

    සූක්ෂ්ම

    935,736

    54.6

    26.3

    93.1

    1,338,119

    කුඩා

    71,126

    89.1

    8.3

    64.5

    529,751

    මධ්‍යස්ථ

    10,405

    100.0

    6.1

    35.9

    386,756

    විශාල

    2,414

    100.0

    4.6

    20.3

    747,937

     

    ආචාර්ය ඒ.ජේ.සතරසිංහ

    අධ්‍යක්ෂ ජනරාල්

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya