කාබන්ඩයොක්සයිඩ් (CO2) නිසා සාගරයේ උෂ්ණත්වය වැඩි වීම ඔක්සිජන් (O2) ප්‍රතිශතය අඩු වීම මෙන්ම ආම්ලිකතාව වැඩිවීම සිදු වන බව ඔවුහු පවසති.
දේශගුණය වෙනස් වීම විසඳීමට උත්සහ දරන දේශපාලනඥයෝ ඒ හේතුවෙන් සාගරයට සිදුවන බලපෑම් පිළිබඳව ඉතා අඩු අවධානයක් යොමු කරන බව විද්‍යා සඟරාවක මේ ලිපිය රචනා කිරීම පිණිස සම්බන්ධ වූ ලොව ප්‍රකට විද්‍යාඥයන් 22දෙනෙක් පවසති.
ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් මුහුදේ රසායනික තත්වය ඉතා වේගයෙන් වෙනස් කරන අතර එය වසර මිලියන 250කට පෙර සිදු වූ ‘මහා මියයාම‘ (Great Dying) නම් ස්වාභාවික විනාශයට පසුව සිදු වන වේගවත්ම වෙනස්වීම ද වෙයි.
1750 සිට අප විසින් නිපදවනු ලබන කාබන්ඩයොක්සයිඩ් වලින් සියයට 30ක් සාගරය විසින් උරාගනු ලබන අතර කාබන්ඩයොක්සයිඩ් ආම්ලික වායුවක් බැවින් සාගර ජලය වඩාත් ආම්ලීකරණය කරයි
.
තවද 1970 සිට කාර්මිකරණයෙන් නිපදවන ලද උණුසුම ද සාගරය විසින් උරාගන්නා බැවින් එහි පවතින උණුසුම් බව ඔක්සිජන් රඳවා ගැනීම අපහසු කරයි.
බොහෝ ඓන්ද්‍රීය ද්‍රව්‍යයනට කාබන්ඩයොක්සයිඩ් මඟින් ගෙන එතැයි අපේක්ෂා කරන අනාගතයේ ඇති විය හැකි උණුසුම හෝ PH අගය අඩු වීම හෝ ඔක්සිජන් අඩු වීමට මුහුණ දිය හැකි බව මෑත පර්යේෂණයකින් අනුමාන කොට ඇති නමුත් ඒ සියල්ල එකවර සිදු නොවේ.
පෙර දේශගුණික ගිවිසුම් මඟින් සාගරය වැඩි අවධානයකට ලක් නොකළ බවත් මෙම අධ්‍යයනයන් ඊළඟ දේශගුණික වෙනස්වීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණයට විප්ලවීය වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරනු ඇතැයි අධ්‍යයනයේ ප්‍රධාන කතෘ ජීන්-පියරේ ගටුසේ පවසයි.
සාගරයේ භෞතික විද්‍යාත්මක හා රසායනික විද්‍යාත්මක වෙනස් වීම් සමඟ පරිසර පද්ධති හා ඓන්ද්‍රීය ද්‍රව්‍යයන් ඉතා වේගයෙන් නැවත වෙනස් කළ නොහැකි පරිද්දෙන් වෙනස් වෙමින් පවතී. අපගේ කාබන්ඩයොක්සයිඩ් නිකුත් කිරීම මෙසේ පැවතුනහොත් එය තවදුරටත් වර්ධනය වනු ඇත.
සාගර ආම්ලිකතාව වැඩිවීම මුහුදු ජීවීන්ගේ විශේෂයෙන්ම කැල්සියම් කාබනේට් කටු හා ඇටසැකිලි සහිත, ප්‍රජනනය පිළවුන්ගෙන් සිදුවන ජීවීන්ගේ නොනැසී පැවතීම හා පෝෂණය කිරීම හා වර්ධන අනුපාතය කෙරෙහි බලපාන බව පෙනීගොස් ඇත.
සාගරය අපට අවශ්‍ය ආහාර, ශක්තිය, ඛනිජ, ඖෂධ හා වායුගෝලයේ ඇති ඔක්සිජන් වලින් අඩක් සපයන අතර එය කාලගුණය හා දේශගුණය පාලනය කරයි.
එබැවින් මේ තදබල වෙනස් වීම්වල විය හැකි ප්‍රතිවිපාකයන් සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර සාකච්ඡාවල දී සාගරයේ වැදගත්කම ඉස්මතු කරන මෙන් අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටිමු.
SDF