අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගරු කරන හේතුව

    මැයි 27, 2015
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පක්ෂයේ කෙනෙකු නොවෙයි බවත් එහෙත් තමන් ඔහුට අතිශය ගරු කරන කාරුණක් පවතින් බවත් එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායක, ප්‍රවීන දේශක, උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
     
    18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙවිත් සදාකාලික ජනාධිපතිවරයෙක් වෙන්න හිටපු රටක පත්වෙච්චි ජනාධිපතිවරයා මට අවුරුදු 06ත් වැඩියි 05ක් ඇති කියලා කියන කියමනට තමන් අතිශය ගරු කරන බවත් ඒ යහපත් ප්‍රකාශය ආරක්ෂා කිරීම පුරවැසියෙකුගේ වගකීම බවත් පෙන්වා දෙයි.
     
    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (26) සෙත්සිරිපාය මහාමාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී "ලංකාවේ ඉදිරි ගමන" මැයෙන් පැවැති දේශණයට සහභාගි වෙමිනි.
     
    2015 ජනවාරි 08දා මේ රට දේශපාලන ගමන්මග වෙනස් කරමින් ජනතාව කරගත්තාවු පිංකම දෙගුණ කරගැනීමට ජනතාවට මේ වන විට කාලය එළැඹ ඇති බවත් පෙන්වා දෙන සන්නස්ගල මහතා අරගල කරමින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක්කරගත්තා සේ ප්‍රජාතන්ත්‍රවාදය පටන්ගැනීමට නම් කිසිදු දේශපාලන පක්ෂයකින් හොරෙකුට, කුඩුකාරයෙකුට, එතනෝල්කාරයෙකුට, වංචාකාරයෙකුට නාමයෝජනා ලබානොදෙන සේ ශ්‍රී ලංකාවේ ජනතාව නැවතත් අරගලයක් දියත් කළ යුතු බවත් පෙන්වා දෙයි.
     
    "මම රත්මලානට ගියාම මිනිස්සු අහනවා ඉස්සෙල්ලා ඇතුලත් මුදලි මහත්තයා හිටියා. ඊට පස්සේ නවදෙනෙක් ඇවිත් ගියා. කාන්තාවක් සමඟ නවදෙනෙක් ඇවිත් ගියාම දස වැන්නා පිළිබඳ විශ්වාස කරයිද? නැහැනේ. මගෙන් අහනවා ඔබතුමා ප්‍රතිඥාවක් දෙන්න රත්මලාන දාලා යන්නේ නැහැ කියලා. විලිලැජ්ජාවක් නැතිව එහෙම පොරොන්දුවක් දිය නොහැකි නිසා මම කීවා බෑ කියලා. මගේ බල්ලවත් යන්නේ නෑ කියපු අය ගිය නිසා මම කොහොමද යන්නේ නෑ කියලා ප්‍රතිඥාවක් දෙන්නේ කියලා මිනිස්සුන්ට කිව්වා. ලංකාවේ දේශපාලකයන් මගේ අම්ම පල්ලා, මගේ දෙයියන් පල්ලා, මගේ ඇස් දෙක පල්ලා, බුදු හාමුදුරුවන් පල්ලා, මගේ දරුවෝ දෙන්න පල්ලා කියලා බොරුවක් කියනවා. දිවුරලා බොරු කියනවා. ඒ නිසා මම ප්‍රතිඥාවක් දෙන්න බැහැ කීවා. යම් දෙයක් මිනිස්සුන්ට තහවුරු කිරීමට ක්‍රමයක් නැහැ. අනාගතයෙන් හෝ වර්තමානයෙන් නොව මිනිසෙකුගේ පැවැත්මෙන් තහවුරු කර ගත යුතුයි". 
     
    අතීතයේ පැවැති රැවටිලි සහගත දේශපාලනය නිසා ඇත්තටම දරුවෙකුටවත් මේ රටේ ආදරය කළ නොහැකි බවත් පෙන්වා දෙන සන්නස්ගල මහතා වර්තමානයේ මිනිසුන් කෙරෙහි තවත් පුද්ගලයෙකු විශ්වාසයක් තබා නොගන්නා බවත් එලෙස රටක් තුළ විශ්වාසය නැති කිරීම අපරාධයක් බවත් පෙන්වා දෙයි.
     
    "මට ඇත්තටම දානයක්, දන්සැලක් දීමේ අවශ්‍යතාවක් තිබුණත් බත් පැකට්ටුවක් හෝ දිය නොහැකියි. එතකොට අහනවා ඡන්දෙ ඉල්ලන්නද කියලා. තක්කඩි කමට අල්ලස් දීලා දීලා පුරුදු කළාම ඇත‍්ටම යමක් කළ නොහැකි. එය බොරුවට කිරීමක් වෙනවා. අම්ම අප්ප වෙනුවෙන්වත් වර්තමානයේ දී දානයක් දිය නොහැකියි. ඇයි? ඡන්දේ ඉල්ලන්න නේද කියලා අහනවා. අවුරුදු 10ක් තිස්සේ පැවැති ඒ ක්‍රමය වැරදිනේ" යැයි ද සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. 
     
    අපි පන්සල් යන්නේ සියලු දේ අත්හැරීම සඳහායි. හාමුදුරුවෝ කියන්න තණ්හාව අත්හරින්න, ආශාව අත්හරින්න කියලා. මල් වට්ටි අරගෙන දේශපාලකයන් පන්සල් යන්නේ අතහැරීමට දැයි ප්‍රශ්න කරන සන්නස්ගල මහතා , ධර්මයට පරස්පර මෙම පුර්වාදර්ශන අනාගක පරම්පරාවට වැරදි ආදර්ශයක් ගෙනෙන බැවින්  එවන් අවස්ථාවලදී පන්සල් වෙත එවුන් වද්දා ගැනීමත් නොකළ යුතු බවත් පෙන්වා දෙයි. 
     
    "මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනතාව ගෞරව කළා. ආදරය කළා. හිටපු විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා විධායක අගමැති නමට ඉල්ලනවලු. ඒකෙන් එයා පරදිනවනේ. ඒක ප්‍රත්‍යක්ෂයි නේ. මේ රටේ මිනිස්සු ජනවාරි 08දා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළා. ආයේ මාස තුනකින් ආයේ දිනවන්නේ නෑ. එයා විතරක් නෙවෙයි පරාජය කළේ වාසුත් පරාජය කළා. බන්දුල ගුණවර්ධනත් පරාජය කළා. ග්‍රේරුත් පරාජය කළා. වටේ ඉන්න සියලු දෙනා පරාජය කළා. එයත් එක්ක ඉන්න රෙජීමයට කිව්වේ දරුවන්ට නෙවෙයි. ඒ සියලු දෙනා පරාජය කළා. දැන් පැරදුණු අය තමයි චන්ඩි පාට් එක දාන්නේ. ඒකත් පැරදුණොත් ඊළට එන පළාත් සභා මැතිවරණයට ඉල්ලන්න කියාවි. ඒක ස්ථීර වශයෙන් ම පරාජය වූ විට ඊළගට දැන්නම් එක දෙයක් තියෙන්නේ ප්‍රාදේශීය සභාව ඉල්ලමු කියාවි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශය ඒ අය ඔවුන්ගේ ජීවිතයේ සටන්පාඨය බවට පත්කරගත යුතුයි. බලය දන්දීම සැහැල්ලවට හේතුවේ. එය ගාන්ධිගේ ප්‍රකාශයක් වගෙයි. බලය දන්දීම මාව සැහැල්ලුවට පත් කරනවා. බලය හඹායාම මාව පීඩාවට පත්කරනවා". 
     
    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බවත් 19දිනා ගැනීම සඳහා දේශපාලකයන්ට වඩා මිනිසුන් අරගලයක් කළ බව තමන් විශ්වාස කරන බවත් ප්‍රකාශ කරන සන්නස්ගල මහතා ලංකා ඉතිහාසයේ පළමුවතාවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව තම ඡන්දය භාවිත කළ බවත් ප්‍රකාශ කළේය.
     
    "පසුගිය ජනාධිපතිවරණයේ කෑම පොරොන්දු කිසිවක් නෑ. විධායක ජනාධිපති බලය අහෝසි කිරීම, අවශ්‍ය සංශෝධන ගෙන ඒම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, යහපාලනයක් ගෙන ආ යුතුයි කියන පොරොන්දු තිබුණේ. මේ කිසිම පොරොන්දුවක් බඩට නෙවෙයි". 
     
    සමානුපාතික නියෝජනය ක්‍රමයේ සාධනීය ලක්ෂණ මෙන් ම නිශේධනීය ලක්ෂණත් පවතින බවත් ව්‍යවස්ථා සංශෝධනයට හෝ ව්‍යවස්ථා සම්පාදනයට රටේ මිනිස්සු සියල්ලගේම අවශ්‍යතාවයක් බවත් නමුත් පස් හයදෙනෙකු එකතු වී ව්‍යවස්ථා සංශෝධන සිදු කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
     
    20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ දී කාලයක් ගෙන හෝ සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් සුළු පක්ෂවලට, සුළු ජාතීන් අවාසියක් නොවන අයුරින් සංශෝධිත මැතිවරණ ක්‍රමයට තමන් කැමැත්තෙන් පසුවන බවද පෙන්වා දෙයි.
     
    අපට ජීවත්වීමට ඇති කාලය අඩුයි නමුත් අනාගත පරම්පරාවට ජීවත් වෙන්න තියෙන කලය වැඩි බවත් පෙන්වාදෙන සන්නස්ගල මහතා ඒ නිසා ඉන්න දරුවෝ වෙනුවෙන් යමක් කළ තිබිය යුතු බවත් කුමන් පක්ෂයකින් හෝ යහපත් දේශපාලඥයන් පිරිසක් පාර්ලිමේන්තුව වෙත යැවිය යුතු බවත් හොරෙක්, මංකොල්ලකාරයෙක්, තක්කඩියෙක් සමග දේශපාලනය නොකළ යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    - දිල්හාරි බණ්ඩාර - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya