අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් ගමන් සේවාවේ ඊළඟ පරපුර සඳහා හැඩය වෙනස් පියපතක්

    අප්‍රේල් 29, 2015

    නාසා ආයතනය, ගුවන් හමුදා පර්යේෂණ පරීක්ෂණාගාරය  (Air Force Research Laboratory (AFRL)) හා ෆ්ලෙක්සිස් සමාගම (FlexSys Inc.) හා එක්ව ඉන්ධන වියදම ඉතිරි කිරීමට, ගුවන් යානා බර අඩු කිරීමට හා ගුවන් ගත කිරීමේදී හා ගොඩබෑමේ දී ඇති වන විශාල ශබ්දයන් අඩු කිරීමට සමත් නව පියාපත් තාක්ෂණයක් සාර්ථක ලෙස පසුගියදා අත්හදා බලන ලදී.  

    පර්යේෂණ කණ්ඩායම, කැලිෆෝනියාහි ආම්ස්ට්‍රෝන්ග් ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයේදී පසුගිය මාස 06 ඇතුළත පර්යේෂණ ගුවන් යානා 22ක් ගුවන් ගත කර ඇති අතර ඉන්, පවත්නා ගුවන්යානා වල භාවිත වන පියාපත් වර්ධනය කිරීමක් සිදු කෙරිණි.

     

    1998 සිට එක්ව කටයුතු කරන ගුවන් හමුදා පර්යේෂණ පරීක්ෂණාගාරය හා ෆ්ලෙක්සිස් සමාගම විවිධ පර්යේෂණ දියත් කළ අතර 2009 දී ඇරඹි පාරිසරික වගකීම් සහිත ගුවන් සේවා ව්‍යාපෘතිය යටතේ මේ ගුවන් යානය නිපදවීම ඇරඹිණි.

     

    මේ නව තාක්ෂණාය පවත්නා ගුවන් යානා වලට හා නව ගුවන්යානා ආකෘතිනට එක් කළ හැකි අතර එමගින් පියාපත්වල බරත්, ඉන්ධන දහනය අඩු කිරීමත්, වඩා කාර්යක්ෂමව හැසිරීමක් මෙන්ම පාරිසරික හා ශබ්දමය බලපෑම අවම කිරීමටත් හැකි වනු ඇත.

     

    පාරිසරික වගකීම් සහගත ගුවන්සේවා ව්‍යාපෘතිය මගින් මේ වසරේ නිම කිරීමට අදහස් කරන මහා පරිමාණ ඒකාබද්ධ  තාක්ෂණයන් අටකින් පළමුවැන්න මෙය වෙයි.

     

    17 වසරක තාක්ෂණික පරිණතභාවයට පත් වීමෙන් පසු දැන් මේ තාක්ෂණය ගුවන් හමුදාවේ හා වාණිජ ගුවන්සේවා කර්මාන්තයේ ගුවන් යානා කාර්යක්ෂමතාව ඉහළ දැමීමට සූදානම්ව සිටී.

     

    මේ පර්යේෂණයේ ප්‍රතිඵල විශාල ප්‍රවාහන ගුවන් යානා සැලසුම් කිරීම සඳහා නසාහි සැලසුම් වෙළෙඳ අධ්‍යයනයන්ට ඇතුළත් කෙරේ.

     

    මූලාශ්‍රය - NASA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya