අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දත් කුහර හේතුවෙන් හෘද රෝග අවදානම ඉහළට

    අප්‍රේල් 23, 2015

    බැක්ටීරියා මඟින් ඇති වන සාමාන්‍ය මුඛ රෝග හා හෘද රෝග අතර සම්බන්ධතාවක් පවතින බවත් තම දත් නිරෝගී ව පවත්වාගැනීම හෘද රෝග ඇති වීමේ අවදානම අවම කරන බවත් නවතම පර්යේෂණයෙකින් හෙළි වී ඇත.

    වඩාත් පොදු මුඛ රෝගයන් වන්නේ නිදන්ගත දැවිල්ල ඇති කරන්නා වූ රෝගයන් වන දත් කුහර හා දත්මුල් ඉදිමීම, දත් අවට පටක ප්‍රදාහය වැනි පරිදන්ත විද්‍යාත්මක රෝගයන් වන අතර ඒ මඟින් දත්වල ආධාරක සංස්තිථීන් ක්‍රමයෙන් විනාශ කෙරෙයි.

    දැවිල්ල ඇති වීම මුඛ රෝගයන්හි මෙන් ම හෘද්වාහිනී රෝගයන් සම්බන්ධ ව ද ප්‍රධාන භූමිකාවක් රඟ දක්වති යි මේ අධ්‍යයනයෙන් හෙළි වෙයි.

    හෘද රෝග හා මුඛ රෝග අතර මේ සම්බන්ධය සොයාගැනීම නව රෝග වැළැක්වීමේ හා ප්‍රතිකාර කිරීමේ ප්‍රවේශයනට මඟ පාදනු ඇතැ යි විද්‍යාඥයෝ පවසති.

    මේ සම්බන්ධය පිළිබඳව වර්තමාන සායනික සාක්ෂ්‍ය පරීක්ෂා කිරීමෙන් හඳුනාගෙන ඇත්තේ මෙය විශේෂයෙන් ම පිරිමින් හා තරුණ පුද්ගලයන් අතර බහුල වන බව යි.

    කෙසේ වෙතත් ඇතැම් දැවිල්ල සමනය පිණිස ලබාදෙන ඖෂධ මඟින් හෘදය සම්බන්ධ අතුරු ආබාධ ඇති වන බව පවසන පර්යේෂකයෝ විකල්ප ප්‍රතිකාර ක්‍රම පිළිබඳ ව සැලැකිලිමත් වීම අත්‍යවශ්‍ය යැ යි දක්වති.

    මූලාශ්‍රය - NDTV

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya