අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
  • SocialShare:

පසුගියදා  (10) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් ම යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත.

සිද්ධිය පිළිබඳ ව කඩිනම් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරන අතර, එතෙක් සන්සුන් ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කළ එම නිවේදනය පහත දැක් වේ.

2024.03.11 අනුරාධපුර සිද්ධිය පිළිබඳ ප් රවෘත්ති නිවේදනය 1 page 0001

 

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.