බස් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා ඉදිරියේදි බස්රථවලට AI තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
ජාතික ගමානගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මූලික අදියර යටතේ බස්රථ 40කට මෙම පහසුකම ලබාදීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
රියදුරටන්ට නින්ද යාම වැළැක්විම වැනි හේතුන් අවම කරගනිමින් ප්‍රවාහන සේවවය සුරක්ෂිත කිරීම සහ මගී ජනයාගේ ආරක්ෂාව උදෙසා විශේෂ මාර්ගෝපදේශමාලාවක් හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීය.
එම මාර්ගෝපදේශ මාලාව ජූලි 01දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.