පනත් කෙටුම්පතකට එරෙහි පෙත්සම් 2ක පිටපත් කථානායකට

පනත් කෙටුම්පතකට එරෙහි පෙත්සම් 2ක පිටපත් කථානායකට
  • SocialShare:

“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ තවත් පෙත්සම් දෙකක පිටපත් තමන් වෙත ලැබුණු බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී මෙම බව නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.