ජගත් පරිසර දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ රුක් රෝපණ වැඩසටහනක්

ජගත් පරිසර දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ රුක් රෝපණ වැඩසටහනක්
  • SocialShare:

අදට යෙදී ඇති ජගත් පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ආචාර්ය හරිනි අමරසූරිය  අග්‍රාමාත්‍යතුමිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (05) පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර,  සභානායක අමාත්‍ය බිමල් රත්නායක,  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් වූහ.

එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න, ආහාරපාන හා ගෘහපාලන අධ්‍යක්ෂ රාජ් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රුක් රෝපණ වැඩසටහනට සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.