තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිධූරයට තරුණ කටයුතු ඇමැති පත් වෙයි

 තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිධූරයට තරුණ කටයුතු ඇමැති පත් වෙයි
  • SocialShare:

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ” සභාපතිවරයා ලෙස පසුගියදා තේරී පත්විය.

ඒ “තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයක්” දස වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදීය.

තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් හය දෙනෙකු පත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, අර්කම් ඉල්යාස්, ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ, අම්බිකා සාමිවෙල් යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.

සංසදයේ මෙහෙයුම් කමිටුව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඔෂානි උමංගා, කන්දසාමි ප්‍රභු, ජගත් මනුවර්ණ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු පත් විය.

සංසදයේ අභිනව සභාපති ගරු එරංග ගුණසේකර මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටි‍යේ තරුණයන්ගේ අපේක්ෂාවන් මෙන්ම ගැටලු සදහා ඉදිරියේදී සක්‍රීය ලෙස මැදිහත් වීමට මෙම සංසදය අපේක්ෂා කරන බවයි. රටෙහි ප්‍රතිපත්ති හා නීති සම්පාදනය ඇතුළු කටයුතුවලට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම ප්‍රවර්ධනය සඳහා සංසදය මගින් ක්‍රමවත් වැඩපිළිවෙලක් යෝජනා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

මෙම සංසදය හරහා සාමූහිකව තරුණයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.