පාර්ලිමේන්තුව අද(07) පෙ.ව 9.30ට රැස්වෙයි.
අද දිනයේ දි ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
හෙට (08) දිනයේ දි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
බ්‍රහස්පතින්දා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර සිකුරාදා දිනයේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.


