පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද(04) පෙ.ව 9.30ට රැස් වෙයි.


අද පෙ.ව 9.30 සිට - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. පෙ.ව. 10.30 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව. 12.30 දක්වා ‍ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවෙන් පසු තෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුව ප.ව. 12.30 – ප.ව. 1.00 දිවා විවේකයෙන් පසු ප.ව. 1.00 - ප.ව 5.00 දක්වා අංක 228/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද දූෂණ විරෝධී පනත ය‍ටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.