පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මේ සඳහා වූ ඡන්ද විමසීම අද පස්වරු 5.45ට ආරම්භ කෙරුණු අතර එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද හිමි නොවීය.
පොලිස්පතිවරයා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය මාර්තු 25 වැනි දා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත බාර දුන්හ.