අපරාධයකින් අත්පත්කර ගත් දේපළ විදෙස් රටක තිබුණද එම දේපල නැවත මෙරටට ගෙන ඒම වෙනුවෙන් වන ප්‍රතිපාදන අපරාධයකින් අත්පත්කරගත් දේපළ පිළිබඳ පනත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය
පසුගිය වකවානුව තුළ රටතුළ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු අතරම මහා පරිමාණ වංචාකරුවන් විසින් විදෙස් රටවලට ගෙනගොස් ඇති ධනය නැවත අත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවද හෙතෙම පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අපරාධකරුවන්ගේ දේශයක්වූ රටේ අල්ලස දූෂණය වංචාව ඉතා බහුලව තිබුණා. මෙවැනි සාධනිය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට සම්මත කර ගැනීමට වටපිටාව සකස් කිරීම ගැන ස්තූති කළ යුතුයි. පසුගිය කාලේ රාජ්‍ය මුදල් අවභාවිත රාශියක් වාර්තා වුණා. මේවා විමර්ශන තුළින් හෙළිකර ගැනීම පහසු වුනේ නැහැ. මේ පනත තුළින් ඒ බාදා ඉවත් කර ගැනීමට ලැබුණා. අපරාධයකින් උත්පාදිත දේපල යළි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගැනීම ඇතුළු නෛතික තත්ත්වයන් මේ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. පනත් රැසක තිබෙන ඌන නෛතික තත්ත්ව මගහරවා ගැනීමට මේ පනතින් ඉඩ ලැබී තිබෙනවා.
අපරාධයිකින් උත්පාදිත දේපල ගොඩක් වෙලාවට මේ රටේ ආයෝජනය කරනවා වෙනුවට විදසේ රටවලට ගෙනගොස් ආයෝජනය කරනවා. එවැනි දේපල මෙරටට ගෙනඒම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට හැකියාව මෙම පනත තුළින් හිමිවීම අතිශය වැදගත්. මහා පරිමාණ මූල්‍ය වංචාවන් පිළිබඳ විමර්ශන සිදුකරනවා වගේම මේ රටින් අරන් ගිය වත්කම් , දේපල , ධනය මේ රටේ ජනතාවට නැවත අත්පත් කැරදීමේ වගකීම ජාතික ජනබලවේගයට පැවරී තිබෙනවා.