ආබාධිත දීමනාව ලබාදෙන පිරිස තුන්ලක්ෂ දසදහස දක්වා වැඩි කරනවා

ආබාධිත දීමනාව ලබාදෙන පිරිස තුන්ලක්ෂ දසදහස දක්වා වැඩි කරනවා
  • SocialShare:

ආබාධිත දීමනාවක් ලබා දීමට පුද්ගලයින් හාරලක්ෂ දසදහසක ප්‍රමාණයක් ගැසට් කර තිබුනද එම දීමනාව ලබාදෙන්නේ එක්ලක්ෂ තිස්අටදහසක් පමණ පිරිසකට පමණක් බැවින් ඉදිරියේදි එම දීමනාව ලබාදෙන පිරිස තුන්ලක්ෂ දසදහසක් දක්වා වැඩි කරන බව ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති උපාලි පන්නිලගේ මහතා  අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. දැනට ආබාධිත දීමනාව ලබා දෙන්නේ එක්ලක්ෂ තිස්අටදහසකට පමණයි. ගැසට් එකේ හාරලක්ෂ ගණනක් තිබුනාට දීමනාව ලබා දෙන්නේ නෑ. දැනට ලබා දෙන එක්ලක්ෂ තිස්අටදහස් ගණන වැඩි කරලා තුන්ලක්ෂ දසදහසකට ලබා දෙනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.