කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව රැස් වෙයි

කාරක සභා  නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව රැස් වෙයි
  • SocialShare:

 පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව  පසුගිය 21 වන දා පළමුවරට, එහි සභාපති  අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

ඒ අනුව  කරක සභාව මගින්  ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු, ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ මොනවාද යන්න පිළිබඳව  සාකච්ඡා කෙරිණි. එහිදී නව වැනි පාර්ලිමේන්තුවේ ලබාදුන් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම් සොයා බැලීම කෙරෙහි  කාරක සහාවේ අවධානය යොමු විය.

ඒ අතරින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(CoPE), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව(CoPA) ,රජයේ මුදල් පිළිබඳ කාරක සභාව(CopF), සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යන කාරක සභා හතරේ ක්‍රියාත්මක නොවුණු  කාරක සභා  නිර්දේශ  වලට  ප්‍රමුඛතාව ලබා දී  ඒවා සමාලෝචනය කිරීමට  කාරක සභාව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව අදාළ වග කිවයුතු නිලධාරීන් හා සම්බන්ධ වෙමින් මෙම කාරක සභාවල ක්‍රියාත්මක  නොවුණු  කාරක සභා  නිර්දේශ කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පැවසුවේය.

මෙම රැස්වීම සඳහා  නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක ,අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා  යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.