2025 අයවැයට කථානායකවරයාගේ සහතිකය

2025 අයවැයට කථානායකවරයාගේ සහතිකය
  • SocialShare:
2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (21) පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත විය.
විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට 25 දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව පෙබරවාරි 25 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට අද (21) දක්වා දින 19 ක් පැවැත්විණි.
මේ අතර අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 ව්යවස්ථාව ප්රකාරව ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 3 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වේ
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.