මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කථාව සිදුකරමින් ජනපතිවරයා මේ බව පැවසීය.
ආර්ථිකයේ ස්ථාවරභාවය නිර්මාණය කිරීමෙන් තොරව හැරවුම් ගැනීමට කිසිදු සූදානමක් නැතැයි ද ජනපතිවරයා පැවසීය.
සූදානමක් නොමැතිවීමෙන් නරක ප්‍රතිපල අත්වන බවත්, අපේ ආර්ථික තත්වය තිබෙන තත්වය අනුව කුඩාවරදකින් බරපතල හානිවිය හැකිබවත් ජනපති පැවසීය. එනිසාවෙන් පළමු අභිප්‍රාය ආර්ථිකයේ ස්ථාවර කිරීමවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .අදවන විට ආර්ථිකය අස්ථාවරයැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකිබවත් ජනාධිපතිවරයා තවදුරටත් කීය.මේමාස හතර තුළ ඒ ස්ථාවරත්වය ඇතිකළ බවත් ඔහු කීය.ආර්ථික ස්ථාවරභාවය නිර්මාණයේ සංඥාව ලබාදී ඇතැයිද ඔහුකීය.ආදායම් අතළොස්සකට කේන්ද්‍රගතවූ රාජ්‍යයක් හිමිවූ බවත් ණය බරින් පෙළුණු රාජ්‍ය ආයතන සමූහයක් හිමිවූ බවත් ජනාධිපතිවරයා කීය.සාම්පූර් බලාගාරය ඉදිකිරීම අප්‍රේල් මස 5 වනදා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමෙන් සිදුකෙරෙන බවත් ජනාධිපතිවරයා කීය.ඒ අයුරින් රටේ සංඥා ලබා දී ඇතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය .
මේවසර තුළ අපේක්ෂිත ආදායමට වඩාවැඩි ආදායමක් වෙනුවෙන් පොර බදින බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය .අදවන විටරාජ්‍ය බැංකු පද්ධතිය කෙරේ විශ්වාසය යළි තහවුරු කර ඇතැයිද ඔහුකීය.ආදායම් සම්බන්ධ පෙර ඇස්තමේන්තු තුළ බොරුවාර්තා තිබූ බවත් ඔහුකීය .මේකෙටි කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගු ආදායමත් අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක් පෙන්නුම් කර ඇතැයිද ඔහු කීය.ඉතිහාසය තුළ සංචාරකයින්ගේ වැඩිම පැමිණීම මේවසර තුළ සිදුවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය .ව්‍යාපාරිකයන් ආයෝජකයන් තුළ ආර්ථිකයේ පැවතිඅවිනිශ්චිත තාවය ඉවත්වී ඇතැයිද දිසානායක මහතා මෙහිදී කීය.
දේශපාලනය කළද ආර්ථිකය අස්ථාවර කිරීමට කටයුතු නොකරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.ආර්ථිකය පිළිබඳව අවදානම් සහිත අසත්‍ය සමාජගත නොකරන්ස් ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.අර්බුදය හමුවේ වුවත් පුරවැසියාගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කළබවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය .මෙය ජනතාවට වගකියන පාලනයක් බවත් ඔහුකීය.රාජ්‍ය සේවකයාට දැනෙන වැටුප් වැඩිකිරීමක් කළ බවත් එය ඔවුන් අපේක්ෂා නොකළ වැටුප් වැඩිවීමක් බවත් ඔහුකීය.මන්ත්‍රී විශ්‍රාම් වැටුප තමාට අවශ්‍ය නොවන බව දන් තමන් අද ලිපියක් ලබාදුන් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය