ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණෙන බවත්, එවිට දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අද(15) පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේදී , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම සංචාරයේදී සාම්පූර් සූරය බල ව්‍යාපෘතිය විවෘත කරන බවත්, මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ජනපතිගේ පසුගිය ඉන්දීය නිල සංචාරයෙන් එම වාසි මෙරටට ලැබුණ බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි පසු නිල වශයෙන් එම විවෘතකිරීම් සිදු කරන බවද කීය. වතු කරයේ ජනතාව සඳහා නිවාස ව්‍යාපෘති සඳහා තවත් අධාර ලැබුනු බවත් , මෙම කෙටි කාලය තුළ එම සහයෝගය ඉන්දියානු රජයෙන් ලැබුණු බවද අමාත්‍යවරයා කීය.