ජනතාවට බරක් නොවී, ජනතා මුදල කළමනාකරණය කරමින් කටයුතු කරන ආකාරය කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්වා ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(27) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙරට පැවතුණු දේශපාලන සංස්කෘතිය තුළ විදෙස් සංචාර අවභාවිතා කර ඇති බවත් ඉදිරියේදි මෙය වෙනස් කිරීමට කටයුතු කරන බවද අගමැතිවරිය පැවසුවාය.
හිටපු ජනපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. ඒ අනුව 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ මහතා වෙනුවෙන් වසර 04ක් සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 3,572. 2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් දරා ඇති වියදම මිලියන 384 කි. 2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 126 කි. 2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මිලියන 533 කි. 2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් දරා ඇති මුදල රුපියල්මි ලියන 1.8කි. 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.