කාලය සහ තාක්ෂණය සමග වර්ධනය වන නව ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දිය යුතුයි

 කාලය සහ තාක්ෂණය සමග වර්ධනය වන නව ආරක්ෂක තර්ජනයන්ට  මුහුණ දිය යුතුයි
  • SocialShare:

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයක් වශයෙන් සෑහීමකට පත් වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(27) පාර්ලිමේන්තුවේදි පැවසීය.

නමුත් කිසිවිටෙකත් මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධි තක්සේරුවක නොසිටින බවද හෙතෙම පැවසීය. කාලය සහ තාක්ෂණය සමග වර්ධනය වන  සහ ස්වරූපය වෙනස්වන නව්‍ය තර්ජනයන්ට අනුරූපව හැඩගැසිය යුතුයි යන අවබෝධයේ සිටිමින්  ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන බවද  මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ මෙරට සිදුවූ වෙඩි තැබීම් හා ඝාතන ජනජීවිතය නොසන්සුන් කිරීමේ හේතුවක් ලෙස පිළිගත නොහැකි බවද   අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය  කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

පසුගිය දිනවල තැන තැන සිදුවූ ඝාතන ජන ජීවිත නොසන්සුන් කිරීමට හේතුවක් ලෙස අපි පිළිගන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපරාධ වල තත්ත්ව අනුව අපරාධවල විශේෂ වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම 2016 වසරේ පළමු මාස දෙකේ වෙඩි තැබීම් 12ක්, 2018 වසරේ පළමු මාස දෙකේ වෙඩි තැබීම් 12 , 2024 මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 14ක් සහ මෙම වසරේ මුල් මාස දෙක තුළ වෙඩි තැබීම් 14 ක් සිදුව තිබෙනවා. පසුගිය වසරේ හා මෙම වසරේ මුල් මාස දෙක තුළ සිදුව ඇති ඝාතන සමාන අගයක් තමයි දරන්නේ. අපරාධ මර්දනය සඳහා අවශ්‍ය  මැදිහත්වීම රජය සිදුකර තිබෙනවා. විශේෂයෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්දනය වෙනුවෙන් දිවයින් පුරා පිහිටි පොලිස් ස්ථාන වල ජංගම මුර සංචාර , මාර්ග බාදක රාජකාරි, ක්ෂණික මාර්ග බාදක රාජකාරි, ත්‍රිවිධ හමුදාව හා විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකරන මෙහෙයුම්, ක්ෂණික යතුරු පැදි මෙහෙයුම්, ඒ වගේම බුද්ධි අංශ ආවේක්ෂණ මෙහෙයුම් සිදුකෙරෙනවා.

ඒ වගේම අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මම සභාගත කරනවා. ඒසම්බන්ධයෙන්  පොලිසියෙන් අනුගමණය කරන මාර්ගෝපදේශ, නඩු තීන්දු , චක්‍ර ලේඛ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය  මූළික අයිතිවාසිකම් නඩු තීන්දුවක් අනුව 2023 මාර්තු 25 වනදා ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියළුම පොලිස් ස්ථාන දැනුම්වත් කර තිබනෙවා. ඒ සියල්ලත් මම සභාගත කරනවා.

අත්අඩංගුවට ගන්නා සමහර සැකකරුවන් සම්බන්ධයෙන් ඒ මොහොතේදී භාහිර පාර්ශ්ව විසින් ගන්නා ලද ඡායාරූප මාධ්‍ය ඔස්සේ පූර්වයෙන් ප්‍රචාරය වී තිබෙනවා. මාධ්‍ය සදාචාරය පවත්වාගැනීමේ වගකීම ඒ ඒ මාධ්‍ය ආයතන සතු වෙනවා. ඒ වගේම මාධ්‍ය වෙත වාරණ පැනවීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඇති තොරතුරු දැනගැනීමේ පනත අනුව ආණ්ඩුව අපේක්ෂා කරන්නේ නැහැ.

පොලිස්පතිවරයා හා පොලිස් කොමිෂම අතර කිසිඳු ගැටුමක් නැතැයිද මෙහිදී අමාත්‍යවරයා පැවසිය.

 පොලිසිය  සම්බන්ධයෙන් ස්වාධීන  කොමිෂන් සභාවක ක්‍රියාකාරීත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයට ගැටළුවක් මතුව නැහැ. විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව උසස් රාජ්‍ය ආරක්ෂාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් වගවීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කවුන්සලය ස්ථාපිත කර තිබෙනවා. උසස්  ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කාර්යයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ වගේම ජාතික  ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනුගමණය කළ යුතු ක්‍රමවේද, ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, සැළසුම් කිරීම ආදිය යටතේ විවිධ දේ හදුනාගෙන තිබෙනාවා. විවිධ වෙනස්කම් කරමින් සිටිනවා. වගවිම සම්බන්ධයෙන් වූ විවිධ ගැටළු නිසා මෑත කාලීනව සිදුවූ විවිධ සිදුවීම් අපට මතකයි. ඒ නිසා මේ සියල්ල අපි හොදින් හදුනාගෙන තිබෙනවා. ඒ සියල්ල හදුනාගනිමින් අවශ්‍ය කටයුතු සිදු කරනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.