අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ.ය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් සේ සලකනවා - එක්සත් ජනපදය

    මැයි 04, 2014

    ශී‍්‍ර ලංකාවේ දී යුදමය වශයෙන් පරාජයට පත් කළ ද එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් සලකන බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.


    පසුගිය 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානය ශී‍්‍ර ලංකාවේ දී යුදමය වශයෙන් පරාජය කළ ද එම සංවිධානය විසින් ජාත්‍යන්තර ජාලය තුළ අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ මුදල් එක්රැස් කිරීම ඇතුළු නීතිවිරෝධී කි‍්‍රයාවන්වල නිරත වන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.


    දශක තුනක කාලයක් ශී‍්‍ර ලංකාවේ පැවැති යුද ගැටුම් පසුගිය 2009 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව නිමා කරන්නට ශී‍්‍ර ලංකා රජය සහ රජයේ ආරක්ෂක අංශ කි‍්‍රයා කළ ද මේ වන විට ජාත්‍යන්තරය තුළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් සිදුකරනු ලබන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    ත‍්‍රස්තවාසීන් විසින් ශී‍්‍ර ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස සහ ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි මහත්වරුන් මෙන්ම ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මහත්වරු වැනි දේශපාලන නායකයින් ඝාතනය කළ බවද ඊට ප‍්‍රතිචාර දැක් වු රජයේ හමුදාවන් එම ත‍්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් මරාදැමීම, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප‍්‍රධානතම භූමිය වශයෙන් සැලකූ කිලිනොච්චිය ඇතුළු ප‍්‍රදේශ අත්පත් කර ගැනීම ආදී ජයග‍්‍රහණ රැසක් ලබාගැනීමට සමත් වු බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය පෙන්වා දෙයි.


    ත‍්‍රස්ත කටයුතුවල නියැළීම, එවැනි කටයුතු සඳහා හවුල් වීම ආදිය සිදුවන්නේ නම් එවැනි පුද්ගලයන් හෝ සංවිධාන ත‍්‍රස්තවාදීන් වශයෙන් නම් කරන්නට සංක‍්‍රමණික හා ජාතික පනතේ 219 වගන්තිය යටතේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේනතුව විසින් පියවර ගනු ලැබ තිබේ.


    එල්.ටී.ටී.ඊ., හමාස් හිස්බුල්ලා, ලක්සා ඊ ටයිබා, අල්ක්වයිඩා ඇතුළු ලෝකයේ විවිධ රටවල කි‍්‍රයාත්මක සංවිධාන 54ක් ත‍්‍රස්ත සංවිධාන වශයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත.


    NDH/HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya