අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ

    මැයි 04, 2014

    මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල හෙට (05) ආරම්භ වන අතර එය ලබන ජූලි මස 10 දක්වා පැවැත්වේ. මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24,000ක් පමණ සහභාගීවීමට නියමිතයි.


    මේ ක්‍රීඩා උළෙල මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක් ද නුවරඑළිය දිස්ත්‍රික්කය අධ්‍යාපන කලාප 05ක් සහ මාත‍ලේ දිස්ත්‍රික්කය අධ්‍යාපන කලාප 04ක් වශයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා සහභාගී වෙති.

     

    මලල ක්‍රීඩා, වොලිබෝල්, දැල්පන්දු. පාපන්දු, ක්‍රිකට්, හොකී, එල්ලේ, චෙස්, බැඩ්මින්ටන්, මේසපන්දු. පැසිපන්දු, කබඩි, කැරම්, ජිම්නාස්ටික් සහ ඇරොබික් ජිම්නාස්ටික් ශාරීරික අභ්‍යාස කරාතේ යන ක්‍රීඩා විවිධ වයස් සීමාවන් අතරේ මෙවර පැවැත්වේ. මෙම තරගවලින් ජයග්‍රහණය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබති.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya