අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයර්ලන්තය පරදවා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

    මැයි 06, 2014

    අද (06) අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවති පන්දුවාර 50 එක් දින තරගාවලියේ ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 79ක විශිෂ්ට ජයක් මීට සුළු වේලාවකට පෙර අත්විය.


    ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පීඩනයට පත් වූ අයර්ලන්ත පිතිකරුවන් අඩුලකුණුවලට දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල පහසුවෙන් සිය ජයග්‍රහණය වාර්තා කළහ. අජන්ත මෙන්ඩිස් සිය පන්දු වාර 10 දී එක් නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 27කට කඩුලු 3ක් දවාගනිමින් තරගයේ වීරයා ලෙස පිදුම් ලැබීය.


    අයර්ලන්තයේ ඩබ්ලින් නුවර  ක්ලොන්ටාර්ෆ් ක්‍රිකට් සමාජ (Clontarf Cricket Club) ක්‍රීඩාංගණයේ පැවත්වුණු තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායකයා පළමුව පන්දු රැකීම තෝරාගත්තේය. මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 219ක් රැස්කළහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නුවන් කුලසේකර පන්දු 34කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස්කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 39 (61), අශාන් ප්‍රියන්ජන් ලකුණු 31 (44), ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 30 (53)යි.


    ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත පිලට පන්දුවාර 39.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 140ක් පමණි. සුරංග ලක්මාල් පන්දුවාර 8ක දී ලකුණු 29කට කඩුලු 3ක් ද නුවන් කුලසේකර පන්දුවාර 8කදී ලකුණු 30කට කඩුලු 2ක් ද සචිත්‍ර සේනානායක එක් කඩුල්ලක්ද දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියහ.


    ඒ අනුව තරග දෙකකින් යුත් පන්දුවාර 50 තරගාවලියේ ශ්‍රී ලංකාව 1-0 ලෙස ඉදිරියෙන් සිටී. දෙවන එක් දින තරගය ලබන බ්‍රහස්පතින්දා (08) පැවැත්වේ.

     
    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya