අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    57 වන ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය 23න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා හා ක‍්‍රීඩිකාව ගුවන් හමුදාවෙන්

    මැයි 07, 2014
    57 වන ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය ඊයේ (05) වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
     
    මෙවර තරගාවලිය සඳහා 38 දෙනෙකුගෙන් සැදුම්ලත් ගුවන් හමුදා මලල ක‍්‍රීඩා කණ්ඩායමක් සහභාගී වූහ. මුළු තරගාවලිය පුරා දස්කම් දක්වමින් නව තරග වාර්තා 04ක් හා 23 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා හා ක‍්‍රීඩිකාව බිහි කිරීමට එහිදී ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.
     
    ඒ අනුව සමස්ත පදක්කම් සටහනේ රන් පදක්කම් 17ක් හා රිදී පදක්කම් 04ක් ලෝකඩ පදක්කම් 05ක් දිනා ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩකයන්ට හැකි විය.
     
    නව තරග වාර්තා අතරට අවුරුදු 23 පහළ පිරිමි රිටි පැනීම නායක ගුවන් භට සඳරුවන්ට හිමි විය. (දක්ෂතාව මීටර් 4.50)කි.  එම වයස් කාණ්ඩයේම කාන්තා මීටර් 5000 දිනා ගැනීමට නායක ගුවන් කාන්තා ඒ.එන්.එල්. ආරියදාසට හැකි විය.  (දක්ෂතාව විනාඩි 17.17.66)කි. අවුරුදු 23 පහළ පිරිමි මීටර් 10000  දිනා ගැනීමට නායක ගුවන් භට එන්.එම්.සී.සී. නවසිංහට හැකි විය. (දක්ෂතාව විනාඩි 31.04.92)කි. එම වයස් කාණ්ඩයේ කාන්තා මීටර් 10000 දිනා ගැනීමට නායක ගුවන් කාන්තා ඒ.එන්.එල්. ආරියදාසට හැකි විය. (දක්ෂතාව විනාඩි 35.49.05) කි.
     
    මෙම තරගාවලියේ අවුරුදු 23න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා හා දක්ෂතම කී‍්‍රඩිකාව බිහි කිරීමට ගුවන් හමුදා මලල කී‍්‍රඩා සංචිතය සමත් වී ඇත. දක්ෂතම කී‍්‍රඩකයා ලෙස නායක ගුවන් භට ජයසිරි තේරී පත් විය. ඔහු තේරී පත් වූයේ දුරපැනීම පිරිමි තරග ඉසව්වෙනි. (දක්ෂතාව මීටර් 07.64)කි. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා එච්.එන්. හෙන්ඩර්සන් විසින් සම්මාන දිනා ගන්නා ලදී.
     
    මෙම දස්කම් දැක්වු ගුවන් හමුදා මලල කී‍්‍රඩා සංචිතයේ සභාපති ලෙස එයාර් කොමඩෝර් එස්. කේ. පතිරණ, ලේකම් ලෙස ගෘප් කැප්ටන් කේ. ජී. ආර් හේමචන්ද්‍ර, උප ලේකම් ලෙස ස්කෝඩ්රන් ලීඩර් එස්. වී. පේ‍්‍රමවර්ධන, කාන්තා කණ්ඩායම් භාර උප ලේකම් ලෙස ස්කෝඩ්රන් ලීඩර් කේ. ඩී. එච්. එච්. සී. කටුගම්පළ නිලධාරිනිය ද කළමනාකරු ලෙස බලපන්ති සැරයන් එම්. ඒ. ඩී. ප‍්‍රසන්න  ඇතුළු නිලධාරීන්ගේ මග පෙන්වීම හා කළමනාකාරීත්වය යටතේ හා ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සම්මේලනයේ අවසරලත් දක්ෂ පුහුණුකරුවන් යටතේ මෙම කණ්ඩායම පුහුණුව ලබා ඇත.
     
    ECB


    air2

    air3

    air5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya