අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුතූර් අල්-ෆලාන් විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය කෙරේ

    මැයි 08, 2014
    මුතූර්, අසාද් නගරයේ, අල්-ෆලාන් විදුහලේ ක්‍රීඩාංගණය සියලු පහසුකම් සහිතව සංවර්ධය කිරීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා පැවසීය.
     
     
    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එම විදුහලේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
     
    මෙම විදුහල් ක්‍රීඩාංගණයේ දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා තමාට වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුතූර් ප්‍රාදේශීය ලේකම් එන්. ප්‍රදීපන් මහතාට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.
     
    එහිදී ක්‍රිකට් තරගයෙන් ජයගත් කණ්ඩායම් වෙත අමාත්‍යවරයා විසින් කුසලාන සහ සහතික පත් බෙදා දෙන ලදී. 
     
    මෙම අවස්ථාවට මුතූර් ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මුතූර් සංවිධායක ජෙයිනුදීන් අමීර්, මුතූර් ප්‍රාදේශීය සභාපති ඒ.එම්. හරීස් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya