අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදී සැකකරුට ව්‍යාජ නෝට්ටු දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

    මැයි 03, 2014

    මහනුවර පදිංචිකරුවෙකු බව කියන පකිස්තානු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවට සැකකරන ලාංකීය පුරවැසියකු වන මොහමඩ් සකීර් හුසේන් නමැත්තාට ඉන්දීය ව්‍යාජ නෝට්ටු ලබාදුන් බව කියන දෙදෙනෙකු ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් වාර්තා පවසයි.


    ඉන්දියාවේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සහ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලයේ ඡායාරූප සමඟ සකීර් හුසේන් නමැත්තා පසුගිය අඟහරුවාදා (29) තමිල්නාඩු පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදී. තමිල්නාඩු පොලීසිය හා බුද්ධි ඒජන්සිය විසින් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමකින් පසු මොහු අත්අඩංගුවට පත්විය.


    මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී සකීර් හුසේන්ට ව්‍යාජ නෝට්ටු ලබාදුන් බවට සැකකෙරෙන දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් හුසේන්ගෙන් ලද තොරතුරු මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී නගර්හි පදිංචිකරුවෙකු වන මොහමඩ් සලීම් (39) සහ අශෝක් නගර්හි පදිංචි ශ්‍රී ලාංකේය පුද්ගලයකු වන සිවබාලන් (45) යන දෙදෙනායි. ඔවුන් අත්අඩංගුවට ගත් ස්ථානවලින් ඉන්දීය රුපියල් ලක්ෂ දෙකහමාරක ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන තිබේ.


    මේ දෙදෙනා සකීර් හුසේන්ට ව්‍යාජ නෝට්ටු ලබාදුන් බව පිළිගෙන තිබෙන අතර ඔහුගේ ක්‍රියාකාරකම් ගැන දැන නොසිටි බව පවසා ඇත. ඔවුන් මීට පෙර සිදුකළ වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යන අතර සලීම් ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ද සිවබාලන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද චෝදනා ලැබූවන් බව ද පැවසේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya