අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යොවුන් චෙස් 14න් පහළ කිරුළ මාතර රාහුලයට

    අප්‍රේල් 26, 2014

    ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන ලද 2014 ජාතික යොවුන් චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු14න් පහළ වයස් කාණ්ඩයේ (පිරිමි) ශූරතාව මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂදී මිරිස්සගේ ශිෂ්‍යයා විසින් දිනාගන්නා ලදි.


    කොළඹ රාජකීය විද්‍යාලයේදී අපේ‍්‍රල් 17 සිට 20 දක්වා පැවති මෙම තරගාවලිය සඳහා අවුරුදු 14න් පහළ (පිරිමි) වයස් කාණ්ඩයෙන් දිවයිනපුරා පාසල් රැසක සිසුන් 245ක් පමණ සහභාගි වූහ.


    මෙම ජයග‍්‍රහණයත් සමඟ දිමුත් ඕෂදී මේ වසරේ ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වෙන ආසියානු චෙස් තරගාවලිය සඳහා සහ දකුණුඅප‍්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් චෙස් තරගාවලිය සඳහා අවුරුදු 14න් පහළ (පිරිමි) වයස්කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ඇත.

     

    Dimuth Oshda Mirissage Rahula College matara


    HC/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya