අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිස් ජාවාරම අවසන් - දැන් ලක් වැසියන් සංක්‍රමණය වන්ගේ නෛතික ප්‍රතිපාදන අනුවයි - ඔස්ට්‍රේලියා ආගමන අමාත්‍ය

    අප්‍රේල් 24, 2014

    නීතිවිරෝධී මිනිස් ජාවාරම්වලට එරෙහි ව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව සහයෝගයෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සංක්‍රමණ රටාව වෙනස් වී ඇති බවත් දකුණු ආසියානු රටවලින් දසදහස් ගණනින් බෝට්ටුවලින් සිදුකෙරුණු නීතිවිරෝධී සංක්‍රමණ දැන් නැවතී ඇති අතර කුසලතා සහිත සේවකයන් ලෙස දැන් වැඩි ශ්‍රී ලාංකේයයන් පිරිසක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බවත් ඔස්ට්‍රේලියාවේ ආගමන අමාත්‍යවරයා වන ස්කොට් මොරිසන් (Immigration Minister Scott Morrison) මහතා පවසයි.


    2013 දී ඕස්ට්‍රේලියානු පුරවැසි බව ලබාගත් ශ්‍රී ලාංකීයයන් සංඛ්‍යාව 74%කින් වැඩි ව 3456ක් බවට පත් වී ඇති අතර රැකියා සඳහා හා පවුල් වශයෙන් පදිංචි වීම සඳහා ලක් වැසියන් 4987ක් නෛතික වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත.


    අප්‍රිකාවේ හා මැද පෙරදිග කලාපයෙන් ඉහළ යමින් තිබෙන මිනිස් සංක්‍රමණ සමඟ ලොව පුරා සරණාගත කඳවුරුවල වෙසෙන මිනිසුන් සඳහා මානුෂීය මධ්‍යස්ථාන 4000ක් පවතින අතර “ඕස්ට්‍රේලියාවට පැමිණීමේ එක ම ක්‍රමය සිදුරු සහිත බෝට්ටුවකින් පැමිණීම‍යි යන්න සත්‍යයක් නො වේ“ යැයි අවධාරණය කළේ පසුගිය 22 වැනිදා කැන්බරාහි පැවැති දේශාන්තර අපරාධ පිළිබඳ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ආරක්ෂක සමුළුව නිම වීමෙන් පසුවය. එහිදී අමාත්‍ය මොරිසන් පැවසුවේ ''මිනිසුනට සාධාරණ හේතුවක් තිබේ නම් ඔවුනට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි ය.''


    අවසන් වරට නීති විරෝධ ලෙස ශ්‍රී ලාංකීය පිරිසක් පැමිණියේ මාස ගණනකට පෙර වන අතර පැමිණි 79 දෙනා ම නැවත ශ්‍රී ලංකාවට එවනු ලැබිණි. අවසන් වරට නීතිවිරෝධී බෝට්ටුවක් පැමිණියේ පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනි දාය. නීතිවිරෝධ සංක්‍රමණ වැළැක්වීම මඟින් මානවවාදී සංක්‍රමණිකයන් සඳහා වන ස්ථාන ප්‍රමාණය වැඩි කළ හැකි බව මොරිසන් මහතා පැවසී ය.
     

    ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාව ඇබොට් රජයේ බෝට්ටු නැවැත්වීමේ ක්‍රියාවලියට සහය වූ එක් ප්‍රතිපත්තියෙකි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ගේ සරණාගතයන් පිළිබඳ වාර්තාවලට අනුව ආරක්ෂාව සොයන්නන් ගේ ලියාපදිංචි වීම දිනකට 100යේ සිට සතියකට 100 දක්වා පහළ වැටිණ.


    මෙ සේ පුද්ගල ජාවාරම් සම්බන්ධ ව යොමු කළ අවධානයට සමාන ව ම අවධානයක් දේශාන්තර අපරාධ මැඬලීම කෙරෙහි ද යොමු කළ යුතු යැ යි ද පුද්ගල ජාවාරම් නැවැත්වීම හා දිවයින පුරා පවතින පුද්ගල ජාවාරම් ව්‍යාපාර වැටලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් කැප වී සිටින බව ද මොරිසන් මහතා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා ආරක්ෂක අංශ හා රේගු නි‍යෝජිතයන් හමුවේ පැවැසී ය. 

     
    ''ශ්‍රී ලංකා නාවික හමුදාවට, පොලීසියට හා අනෙකුත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට අපි ස්තුතිවන්ත වෙමු''. යැයි ඔහු පැවැසී ය.


    TJ/HC_courtesy: The Australian

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya