අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විස්සයි20 නායකත්වය මාලිංගට

    අප්‍රේල් 24, 2014

    විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ලසිත් මාලිංග විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.


    ක්‍රීඩක ලසිත් මාලිංග මීට පෙර විස්සයි20 කණ්ඩායමේ උපනායක ලෙස ද කටයුතු කළේය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය සමඟ පැවති තරගයේදීත්, බටහිර ඉන්දියා කොදෙව් පිල සමඟ පැවති අවසන් පූර්ව තරග‍යේදීත්, ඉන්දියාව සමඟ පැවති අවසන් මහ තරගයේදීත් ශ්‍රී ලංකා පිල මෙහෙයවූයේ මොහුයි.

     

    මේ අතර ජාතික ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන සියලු තරග අංශවල උපනායක ලෙස මැදපෙළ පිතිකරු ළහිරු තිරිමාන්න පත්කර ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් තවදුරටත් කටයුතු කරනු ඇත.

     

    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය යටතේ සිදුකළ මේ සියලු පත්වීම් 2014 වසරේ මාර්තු මාසය දක්වා වලංගු වන බව ක්‍රිකට් ආයතනය පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya