අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මදුරාසි මහාධිකරණය ශ‍්‍රී ලාංකීය සරණාගතයකුගේ අභියාචනය ඉවත දමයි

    අප්‍රේල් 23, 2014

    තමා ඉන්දීය ජාතිකයකු බව පවසමින්, 1946 විදේශිකයන්ගේ පනත යටතේ රඳවාගෙන සිටින තම පුතු නිදහස් කරන ලෙස ඉල්ලූ ශී‍්‍ර ලාංකීය සරණාගතයකුගේ අභියාචනයක් මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඬුල්ල ප‍්‍රතික්ෂේප කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.


    විනිසුරු ඒ. සෙව්ලම් හා විනිසුරු වී.එස්. රවි යන අය ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල, පෙත්සම්කරුගේ පවුල් පත ඔවුන් ශ‍්‍රී ලාංකීයයන් බව පෙන්වති යි පිළිගත්හ.


    ‘‘1946 විදේශිකයන්ගේ පනතේ විධිවිධාන අදාළ නො වෙති යි අධිකරණයට නිගමනය කළ නොහැකි’’ යැ යි පැවැසූ අධිකරණය ශ‍්‍රී ලාංකික සරණාගතයන්ගේ විශේෂිත කඳවුරින් ඔහු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.


    1974 දී දෙ රට අතර ගිවිසුම අනුව තමා ඉන්දියානුවකු බවත් තම ඉන්දීය විදේශ ගමන් බලපත‍්‍රය සමඟ යාපනයේ තම පවුල සමග පදිංචි වූ බවත් පෙත්සම්කාර පී. කරුප්පා තේවර් පැවසී ය.


    1996 යුද සමයේ ඔහු තම ඉන්දීය විදේශ ගමන් බලපත‍්‍රය රහිත ව තම පුතු සසිකරන් සමග ඉන්දියාවට ගිය අතර එහි දී තමිල්නාඩුවේ විවිධ සරණාගත කඳවුරුවලට යැවිණ.


    ඔහුගේ පුතු සසිකරන්, තිරුප්පූර්හි සේවය කර තිබේ. පුද්ගලයකු මුහුදු මාර්ගයෙන් ඕස්ටේ‍්‍රලියාවට යවන බව පවසා රුපියල් ලක්ෂයක මුදලක් වංචා කර රවටන ලදැයි 2012 ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.


    සසිකරන්ට එරෙහි රැඳවුම් නියෝගය අවලංගු කර නිදහස් කරන මෙන් ඔහුගේ පියා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.


    TJ/tu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya