දකුණු ආසියානු රටවල සහයෝගීතාව ඇති කිරීමේ අරමුණින් 1985 දෙසැම්බර් මාසයේ දී කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානය හෙවත් සාර්ක් සංගමයේ ප‍්‍රථම සමුළුව බංගලාදේශයේ ඩකා අගනුවර දී ආරම්භ විය.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින, නේපාලය, පකිස්තානය හා ශ‍්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෝ වූහ. 2007 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු 14 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී ඇෆ්ගනිස්ථානය ද සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව වත්මන් සාමාජිකත්වය රාජ්‍යයන් 8ක් බවට පත්ව තිබේ.
මීට අමතරව සාර්ක් නිරීක්‍ෂණ රාජ්‍යයෝ ද වෙති. මහජන චීනය, ජපානය, කොරියානු ජනරජය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ටේ‍්‍රලියාව, ඉරානය, මුරිසි, මියැන්මාරය හා යුරෝපා සංගමය මෙලෙස නිරීක්‍ෂණ රටවල් ලෙස සමුළුවට සහභාගී වෙති. වත්මන් සාර්ක් මහ ලේකම් ලෙස නේපාලයේ අර්ජුන් බහදූර් තාපා මහතා කටයුතු කරයි. සාර්ක් මහ ලේකම් කාර්යාලය ද නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටා ඇත.
බිලියන 6ක් ඉක්මවන ලෝක ජනගහනයෙන් බිලියන 1.5ක් සාර්ක් කලාපයේ වෙසෙති. එනම් සාර්ක් කලාපය ලෝක ජනගහනයෙන් 25% ක් නියෝජනය කරයි. ලොව වැඩි ම ජනගහනයක් ඇති රටවල් 10 තුළ සාර්ක් රටවල් 3ක් ද වෙති. එනම් ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශයයි. සාර්ක් රටවලට අයත් භූමි ප‍්‍රමාණය වර්ග සැතපුම් දහ නව ලක්‍ෂ අසූ දාහකට වැඩිය.
දකුණු ආසියානු කටයුතු පිළිබඳ ව එක්ව කටයුතු කිරීමට ඇති එක ම සංවිධානය සාර්ක් සංවිධානයයි. මෙම සංවිධානයට අයත් රටවලට ඇති පොදු ගැටලු වන දරිද්‍රතාව සහ ත‍්‍රස්තවාදී තර්ජනවලට එම රාජ්‍යයන් මුහුණු දීමයි. ඒ අනුව ගත් කළ කලාපීය එකමුතුව, කලාපයෙන් දිළිඳුකමත් ත‍්‍රස්තවාදයත් තුරන් කිරීමට ශක්තියකි.
15 වන සාර්ක් සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත් වූ අතර ලොව ම්ලේච්ඡතම ත‍්‍රස්තවාදී සංවිධානයක අභියෝගයන්ට මුහුණ දෙමින් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටි අප රටට කලාපීය නායකයන් රැස්වීම එම මොහොතේ අතිශයින් වැදගත් විය. මන්ද සාර්ක් සංවිධානය බිහි වූයේ කලාපයේ රටවල් මුහුණ දෙන ගැටලු පිළිබඳ ව ගැඹුරු අධ්‍යයනයක නිරතව වීමට නිසාය.
15 වන සාර්ක් සමුළුවේ සත්කාරක රට වශයෙන් එහි සභාපතිත්වයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවේ ඇති භාරදූර වගකීම මැනවින් ඉටුකරමින් දූරදර්ශී විනිවිද භාවයෙන් යුත් විදේශ ප‍්‍රතිපත්තිය හමුවේ අද කලාපීය සහයෝගීතාවය ද ශක්තිමත් වී තිබීම මෙහිදී කැපී පෙනෙනු ඇත.
NDH/priu