අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් හිදී ජනපති පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් සැමරුම් උත්සව

    නොවැම්බර් 15, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ඊයේ (14) සහ අද (15) සැමරුම් උත්සව පැවැත්වීමට කුවේට් හි තානාපති කාර්යාලය සැලසුම් කර තිබේ.


    මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පෙරේදා (13) දිවයිනෙන් පිටත් ව ගියේය.

    කුවේට් රාජ්‍යයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් 45,000කට අධික පිරිසෙන් වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගීවීමට කැමැත්ත පළ කර තිබේ. එම සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමාගේ ධූර කාලය තුළ රට ඇති කරගෙන ඇති දේශපාලන ස්ථාවරත්වය හා ආර්ථික සංවර්ධනය ඇතුළු කරුණු මෙන් ම රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා රජයක් ලෙස මෙතෙක් ගෙන ඇති පියවරයන් පිළිබඳ මෙන් ම මෙවර අයවැයෙන් රණ විරු ප‍්‍රජාවට ලබාදී ඇති ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත. කුවේට් රාජ්‍යයේ ස්ථාන ගණනාවක මේ සැමරුම් උත්සව පැවැත්වීමට නියමිතය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya