අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේද මාවතට චීනයෙන් බිලියන 40ක්

    නොවැම්බර් 11, 2014
    සේද මාවතේ ආර්ථික තීරයක් ස්ථාපනය කිරීම සඳහා වන අරමුදලකට ඩොලර් බිලියන 40ක දායකත්වයක් සැපයීමේ සිය අභිමතය චීන ජනාධිපති ෂී චිං පිං මහතා පසුගිය දා නිවේදනය කළේය.
     
    චීනය හා අසල්වාසි ජාත්‍යන්තර සහයෝගීත්වය හා කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කරනු වස් ආසියානු නායකයන් සමඟ පැවැති හමුවක දී මේ මුදලෙන් සේද මාවතේ පසුබිම සැකසීමට අඳහස් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.
     
    ආසියාවේ සම්බන්ධතාව සඳහා වූ අවහිරය ඉවත් කිරීම එහි අරමුණයි. බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මොන්ගෝලියාව, මියන්මාරය, පකිස්ථානය ආදී රාජ්‍යවල නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
     
    එක්සත් ජාතීන්ගේ ආසියා - ෆැසිපික් හා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආර්ථික හා සමාජ කොමිසමේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව ඇත.
     
    අරමුදල සියල්ලන්ට විවෘත වන බවත් මේ ව්‍යාපෘතිය සමඟ ක්‍රියාකාරීව සහභාගිවීමට ආසියා අනෙකුත් රටවල අයෝජකයන් හට ඇරයුම් කරන බවත් චිං පිං ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya