අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හේවාහැට ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 40ක්

    නොවැම්බර් 11, 2014
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සිට දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් ආරම්භ කර තිබෙන ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හේවාහැට ආසනයේ පාසල් ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 40ක් වෙන් කරමින් එහි මූලික ඉදිකිරීම් කටයුතු ඇරඹීම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් හේවාහැට ආසනයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී ගලහ විද්‍යාලය, සුදුවැල්ල, රම්මුන්ගොඩ විද්‍යාලය, කොළබිස්ස විද්‍යාලය, හේවාවිස්ස ප්‍රාථමික විද්‍යාලය ක්‍රීඩාපිටිවල වැඩ ආරම්භ කිරීම සිදුකෙරුණ අතර ප්‍රදේශයේ පාසල් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් මෙහිදී සිදුවිය.
     
    දිවයිනේ සෑම පාසල් සිසුවෙකුට ම ක්‍රීඩාව අනිවාර්යය කර තිබෙන බැවින් පාසල් ක්‍රීඩා සංවර්ධනය කිරීම අනිවාර්යය කටයුත්තක් ලෙස සලකා දිවයිනේ සෑම පාසලකටම උපරිම රුපියල් ලක්ෂ 5ක ක්ෂණික වැය ඇස්තමේන්තුවක් යටතේ කුඩා 
    ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය සඳහා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන අතර දිවයිනේ තෝරාගත් පාසල් සඳහා ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 200ක් මේ වනවිටත් වැය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධ්‍යම පළාත් සභාපති මහින්ද අබේකෝන් මහතා ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya