අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහේල එක් දින ලකුණු 12,000 සීමාව පසු කරයි

    නොවැම්බර් 10, 2014

    මහේල ජයවර්ධන ඊයේ (09) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හයිද්‍රාබාද්හිදී පැවති තුන්වැනි එක්දින තරගයේදී එක් දින තරග ලකුණු 12,000 සීමාව පසුකිරීමට සමත් විය.

     

    පකිස්තානු ක්‍රීඩක ඉන්සාම්-උල් හක් ලබා සිටින ලකුණු 11,739 ඉක්ම වූ මහේල එක් දින ලකුණු 12,000 සීමාව පසුකළ පස් වන ක්‍රීඩකයා ලෙස ලෝක ඉතිහාසයට එක් වේ.

     

    මෙම තරගයේදී මහේල සිය 17 වැනි එක් දින ශතකය ද වාර්තා කළේය. අගනා ඉනිමක්‌ ක්‍රීඩා කළ මහේල අශ්වින්ගේ පන්දු හමුවේ දැවී ගියේ පන්දු 124 ක දී හතරේ පහර 12ක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 118ක්‌ ලබා ගනිමිනි.

     

    ලකුණු 105ක සබඳතාවක්‌ පන්දු 137ක්‌ තුළ ගොඩනගන්නට තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධනට මෙම තරගයේදී හැකි වූ අතර ශ්‍රී ලංකාවේ ලකුණු 100 වාර්තාව සමඟ ඩිල්ෂාන්ගේ 39වැනි එක් ‌දින අර්ධ ශතකයද සටහන් වුණි.

     

    මහේල සිය එක් දින ලකුණු 12,002 ලබා ගැනීමත් සමඟ ලෝකයේ වැඩිම එක් දින ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ සිටින තුන් වැනි ශ්‍රී ලාංකිකයා වීමට සමත් විය. ඒ අනුව ඔහු සනත් ජයසූරිය (13,430) සහ කුමාර් සංගක්කාර (12,918) යන ක්‍රීඩකයන්ට පසුපසින් සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya